විශ්මිත සොබාදහම

සොබාදහම යටතේ විවිධත්වයෙන් යුත් බොහෝ මාතෘකා ගැන කතා කල හැක. පොළවේ පිහිටීම, ගල් කොළන් මල් වර්ග, පැලෑටි, පළතුරු,, වෙනත් ආහර වර්ග, විවිධ පාෂාණ වර්ග, රසායනික ද්‍රව්‍ය, වායු වර්ග, වලාකුළුවල ස්වභාවය, ගංගා ඇල දොල, සාගරයේ මතුපිට සහ එහි අභ්‍යන්තරය, වර්ෂාපතනය, ජල චක්‍රය, කුඩා සතුන්, විශාල සතුන්, ඔවුන්ගේ ජීවන රටා, ජීවීන්ගේ ආහාර දාම, ආලෝකය, විද්‍යුතය, චුම්භකත්වය, ගුරුත්වාකර්ෂනය, ආදිය ඉන් සමහරකි. මේවා සෑම එකක්ම ඉතා පරිපූර්ණ සහ සැලසුම්සහගත ලෙස පිහිටන බවක් අපට දකින්නට පුළුවන. ඒ වගේම ඒවා එකෙනෙක අතරත් මනා සම්බන්ධතා පවතිමින් අපගේ සොබා දහම විශ්මිත නිමැවුමක් ලෙස අපිට දකින්නට පුළුවන. මිනිසා තම ජීවිත කාලය තුල මේව ගැන බොහෝ දේ ඉගනගනිමින් සිටී. නමුත් මේවගෙ ආරම්භය ගැන වැඩිය හිතන්නෙ නෑ. හිතන්නෙ නැතිව ඒවා පාවිච්චි කරනව, ඒවා භුක්ති විඳිනවා. වෙන ආකරයට කියනවා නම් තමන්ගෙ නොවන දේවල් තමන්ගෙ වගේ භුක්ති විඳිනවා

සොබාදහමේ පොළොවේ සැකසීම් සම්බන්ධව ස්ථාන කිහිපයක ඡායාරූප කිහිපයක් මෙහි අමුණා ඇත. ඒවා කෙතරම් ලස්සනදැයි බලන්න. ඊට පෙර, මවිසින් ගත් අලුතින් හදන ගොල්ෆ් පිට්ටනියක ඡායාරූපයකුත් මෙහි අමුණා ඇත. ඒ ගැන යමක් සදහන් කිරීම තුළින් සොබා දහමේ විශ්මිත බව පහසුවෙන් පහදා දීමට හැකිවනු ඇතැයි මා අදහස් කළෙමි.

මෙම ස්ථානය මම කිහිප වතාවක්ම නරඹා ඇත. මේ ඉතා කුඩා භූමි ප්‍රදේශය තුල තණකොල අල්ලා සැකසීමට ඔවුන් ඉතා වෙහෙසක් සහ විශාල වියදමක් දරන බව මා දුටිමි. එම කටයුත්ත සම්බන්ධව විශාල පිරිසකගේ දායකත්වයද යොදා ගනී. කෙසේ හෝ ඔවුන් යම්කිසි කාලයකට පසුව මෙය තවත් ලස්සන කරල හදාවි. එවිට ඔවුන්ට ලොකු සතුටකුත් දැනේවි. තමන් ලොකු වැඩක් කලා වගේ හැඟීමකුත් දැනේවි. 

එම කුඩා භූමි ප්‍රදේශයේ තත්වය එහෙම නම්, පහතින් ඔබ දකින සොභාදහමේ නිර්මාණය සහ ලස්සන නිමාවකින් යුත් සැකසුමේ සැලසුම්කරු සහ එහි හිමිකරු කවුරුන් වන්නට පුළුවන්ද? එය නිකම්ම ඉබේ සිදුවුනු දෙයක් යැයි තර්ක කළ හැකිද?

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us