
සකාත් ගෙවන්නන් සහ සකාත් ලබන්නන්
සකාත් යනු ඉස්ලාමයේ එකම පුණ්‍ය ක්‍රමය නොවන නමුත් එය තුන්වන කුළුණ බවට පත් කිරීම කොතරම් වැදගත්ද යත්, සකාත් තුළින් සමෘද්ධිමත් අයට දුප්පතුන් නඟාසිටුවීමටත්, කරදරයට පත් වූවන්ට උපකාර කිරීමටත්, දුෂ්කරතා ඇති අය සනසාලීමටත් හැකි වේ.
සකාත් නීතිය මගින් දුප්පතුන්ට උපකාර කිරීමට උපදෙස් සහ අණ නිකුත් කර ඇතිවා මෙන්ම සුදුස්සන්ට එය ලබා ගැනීමට ඇති අයිතියද තහවුරු කර ඇත.
සකාත් මගින් ලෝකය වෙනස් කිරීමේ බලය ඇත. නමුත් එය ආරම්භ වන්නේ ඔබ එය ගෙවීමෙනි.
සකාත් ගෙවන්නන්
ඉස්ලාම්ය තුල නිසාබ් ලෙස හදුන්වන අවම වත්කම් ප්‍රමාණය ඉක්මවා ධනය ඇති සිහිබුද්දියෙන් සිටින සෑම වැඩිහිටි මුස්ලිම්වරයෙකුටම සකාත් නම් ගෙවීම අනිවාර්ය කර ඇත. නිසාබ් යනු සකාත් කිරීමට පෙර මුස්ලිම්වරයෙකු සතුව තිබිය යුතු අවම ධනයයි. නබි මුහම්මද් (ﷺ) තුමාණන් විසින් නිසාබ් සකසන ලද්දේ රන් ග්‍රෑම් 87.48 හෝ රිදී ග්‍රෑම් 612.36 ට සමාන අනුපාතයකිනි. සකාත් ගෙවිය යුතු මුළු මුදල ඔවුන්ගේ මුළු ඉතුරුම් සහ ධනයෙන් 2.5% හෝ 1/40 කි. පුද්ගලයාට ආදායමක් ලැබෙන සෑම විටම එය ගනනයට එකතුවනු ඇත. සෑම වසරක් අවසන් වීමට පෙර එය ගනන් බලා ගෙවා අවසන් කල යුතුය.
සකාත් ලබන පුද්ගලයින් වර්ග අට
ඔබට සුභ පැතුම්! ඔබ ඔබේ සකාත් ගෙවීමට සූදානම් වන්නේද! නමුත් මොහොතක් ඉන්න. ඔබගේ සකාත් ලබාගත හැක්කේ කාටද, සහ එය ඔවුන්ට ලබා දිය යුතු යැයි එම තීරණය දුන්නේ කවුදැයි ඔබ දන්නේද?
ශුද්ධ වූ කුරාණයේ (9:60 වැකියට අනුව) දෙවියන් විසින් නම් කරන ලද සකාත් ලබාදිය යුතු පුද්ගලයින් වර්ග අටෙන් එකකට හෝ කිහිපයකට වැටෙන සුදුස්සන්ට හෝ කණ්ඩායම්වලට සකාත් බෙදා හැරිය හැකිය.
කුරාණය තුල සකාත් බෙදා හරින ආකාරය නිශ්චිතව දක්වා ඇත, නමුත් එය ගෙවීමේදී මුස්ලිම්වරුන්ට නම්‍යශීලී බවක් ලබා දෙයි. සකාත් ලැබිය යුතු කාණ්ඩ එකකට හෝ වැඩි ගණනකට අයත් අයට බෙදාහරින විශ්වාසදායක ආයතන වෙත ඔවුන්ගේ සකාත් ගෙවීමටද ඉඩ සලසයි.
සකාත් ගෙවන්නන් සහ පරිපාලකයන් සඳහා සකාත් ලබා දීම සඳහා කාණ්ඩ අටක් දෙවියන් විසින්ම හඳුන්වා දී තිබීම විශේෂත්වයකි. මෙම තේරීම රජයට, විද්වතුන්ට හෝ නබිතුමාට පවා අයත් නොවේ. වරක් මිනිසෙක් නබිතුමා වෙත පැමිණ සකාත් ඉල්ලා සිටි බව වාර්තා වේ.
නබි ﷺ තුමානන් පැවසුවේ: සකාත් [වටිනාකම] විනිශ්චය කිරීමට අල්ලාහ් නබිවරයෙකුටවත් අවසර දුන්නේ නැත. ඒ වෙනුවට, ඔහුම එය පාලනය කළ අතර අවස්ථා අටකදී එයට අවසර දුන්නේය. එමනිසා, ඔබ මෙයින් එකකට අයිති නම්, මම නිසැකවම ඔබට ඔබේ අයිතිය ලබා දෙන්නෙමි. (Abu Dawood)
ඉතින්, ඔබේ සකාත් ලැබිය හැකි අයව මෙසේ පෙන්වා දෙන ලදී,
- දුප්පත් (අල්-ෆුකාරා'), එහි තේරුම අඩු ආදායම් ලබන අය හෝ දුප්පත් අය.
- අවශ්‍යතා ඇති (අල්-මසාකින්), එයින් අදහස් කරන්නේ දුෂ්කරතාවයෙන් පෙළෙන තැනැත්තා යන්නයි.
- සකාත් පරිපාලකයින්.
- මුස්ලිම්වරුන් සහ මුස්ලිම් ප්‍රජාවේ මිතුරන් යන අර්ථය ඇති, හදවත් සංහිඳියාවට පත් විය යුතු අය.
- වහල්භාවයේ සිටින අය (වහලුන්).
- ණය බරින් මිරිකිලා සිටින තැනැත්තන්.
- දෙවියන්ගේ මාර්ගය වෙත සිත ඇදී ගිය අය. එනම් නවක මුස්ලිම්වරුන්.
- මග යන්නන්, එහි තේරුම අතරමං වූ හෝ සම්පත් ස්වල්පයක් සමඟ ගමන් කරන අය යන්නයි.
සකාත් නිසි පරිදි ගෙවන අයට අල්ලාහ් සුභානවතාලා සුභාරංචි ලබා දෙයි.
ශු: කුරාණය 2:261, 7:156, 3,133-143
සකාත් නිසි පරිදි ගෙවීම පැහර හරින්නන්ට අල්ලාහ් දැඩිව අවවාද කරයි.
ශු: කුරාණය 3:180, 9:34, 9:35, 41:7, 70,24, 41:7
අල්ලාහ් සකාතය සම්බන්දව ඔබව දැනුවත් කර ඇති තවත් කුරාන් ආයත් කිහිපයක් පහතින් දැක්වේ.
ශු: කුරාණය 2:43, 2:83, 2:110, 2:177, 2:277, 4:77, 4:162, 5:12, 5:55, 7:156, 9:5, 9:11, 9:18, 9:71, 19:31, 19:55, 21:73, 22:41, 22:78, 24:37, 24:56, 27:3, 31:4, 33:33, 58:13, 73:20, 98:5, 6:141, 17:26, 51:19, 70:24.
මුස්ලිම්වරයෙකු ලෙස ඔබ ඌරුමස් අනුභව නොකිරීමට ප්‍රධානවම බලපාන කරුණ කුමක්ද? ඔබේ ප්‍රභලම පිලිතුර වන්නේ එය අල්ලාහ්ගේ නියමයකි, උපදේශයකි ලෙසය.
ඔබ හරි, අල්ලාහ් ශුද්ධ වූ කුරාණය තුලින් අවස්ථා හතරකදී පමන මෙය අවධාරණය කර සිටී. එනිසා ඔබ එම අණ, එම උපදේශය පිළිපදියි.
එසේ නම් 40 වතාවක් පමණ කුරාණය තුලින් අල්ලාහ් සුභානවතාලා ඔබට අණ කර තිබෙන, උපදෙස් දී තිබෙන සකාත් ගෙවීම පිළිබඳව ඔබ හැසිරෙන්නේ කොහොමද? එම පැනය ඔබ ඔබෙන්ම විමසා සිටින්න.
by sjwනවක මුස්ලිම්වරු ගැන ඔබට නව අත්දැකීම් කිහිපයක් පහත ලිපිවලින් දැකිය හැක.