අප සමග සිටින මලායිකාවරුන් සහ ඔවුන්ගේ කාර්යයන්

මෙම පිටුව සංවර්ධනය කරමින් පවතී............

ගෞරවනීය මලායිකාවරුන් ආදම්(අ.ස) ගේ සියළුම දරුවන් සමඟ ඔවුන්ගේ මව්වරුන්ගේ කුස ​​තුළ පිළිසිඳ ගත් දින සිට මරණයේදී ඔවුන්ගේ ආත්මයන් ශරීරයෙන් පිටතට ගෙන එන දිනය දක්වාත් ඔවුන් සමඟ පැමිණේ. ඔවුන් ඔවුන්ගේ සොහොන්වල සහ පරලොවදී ද ඔවුන් සමඟ යති.

- ඔවුන් මෙලොවදී ඔවුන් සමඟ යන ආකාරය පහත පරිදි වේ:

1 - ඔහුව නිර්මාණය කරන විට ඔවුන් ඔහුව රැකබලා ගනී

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූ බව අනස් (රළියල්ලාහු) තුමාණන්ගෙන් වාර්තා විය: "අල්ලාහ් මවගේ ගර්භාෂය තුළ මලායිකාවරයෙකු පත් කරයි. 'ස්වාමීනි, නුත්ෆා (මිශ්‍ර බිංදුවක්), ස්වාමීනි, පිරිමි සහ ගැහැණු ලිංගික විසර්ජනයක්, ස්වාමීනි, 'අලකා (කැටියක්), ස්වාමීනි, මුඩ්ගා (හපන ලද මස් කැබැල්ලක්), ලෙස ඔහු පවසයි".

එය නිර්මාණය කලයුතු බව අල්ලාහ් නියම කළ විට, (මලායිකාවරයා), 'ස්වාමීනි, මෙය පිරිමි හෝ ගැහැණුද? අවසානයේ විනාශය හෝ ආශීර්වාදයද ? ඔහුගේ විධිවිධානය කුමක්ද? ඔහුගේ ආයු කාලය කුමක්ද?...ලෙස අසා දැනගෙන එය ඔහුගේ මවගේ කුසෙහි ලියයි. [අල්-බුහාරි, මුස්ලිම්].

2. - 2 - ඔව්හු ආදම්ගේ පුත්‍රයන් ආරක්ෂා කරති

අල්ලාහ් පවසයි (අර්ථයේ අර්ථකථනය):

"නුඹලාගෙන් යමෙක් තමාගේ කථාව සඟවන්නේද, එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේද, ඔහු රාත්‍රියේ සැඟවී සිටින්නේද, දවාලෙහි නිදහසේ පිටත්ව යන්නේද (ඔහුට) එක හා සමානයි.

ඔහුට (එක් එක් පුද්ගලයාට), ඔහුට පෙර සහ පසුපස අනුප්‍රාප්තිකව දේවදූතයන් ඇත. අල්ලාහ්ගේ අණ පරිදි ඔවුහු ඔහුව ආරක්ෂා කරති. [13:10-11ඏ

අල් කුර්ආනය පිළිබඳ හොඳම අවබෝධය ඇති විවරණකරු ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) පැහැදිලි කළේ මුවාකිබාත් මෙහි "අනුප්‍රාප්තික දේවදූතයන්" ලෙස පරිවර්තනය කර ඇත. මිනිසා ඉදිරියෙන් සහ පිටුපසින් ආරක්ෂා කිරීමට අල්ලාහ් පත් කර ඇති දේවදූතයන්.  අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට (යම් අනතුරක් හෝ විපතක් යනාදිය ඔහුට සිදු විය යුතු බව ඔහු නියෝග කළ විට) දේවදූතයන් ඔහුගෙන් ඉවත් වේ.

එසේම, සෑම මනුෂ්‍යයයෙකුම නිදා සිටින විට සහ අවදියෙන් සිටින විට ජින්වරුන්ගෙන්, මිනිසුන්ගෙන් සහ වන මෘගයන්ගෙන් ආරක්ෂා කිරීමටද දේව දූතයෙකු පත් කර ඇති බවද සඳහන් වේ. එහෙත් අල්ලාහ් යමක් වීමට අවසර දුන්නොත් මලායිකාවරයා ඉන් ඉවත් වේ.

මිනිසෙක් අලි ඉබ්න් අබි තාලිබ් (රලි) ට මෙසේ කීවේය: "මුරාද් ගෝත්‍රයේ කණ්ඩායමකට ඔබව මරා දැමීමට අවශ්‍ය විය." 'අලි (රළියල්ලාහු අන්හු) තුමාණෝ, "සෑම මිනිසෙකු සමඟම අණ නොකළ සෑම දෙයකින්ම ඔහුව ආරක්ෂා කරන දේවදූතයන් දෙදෙනෙක් සිටිති; නියෝගය පැමිණි විට, ඔව්හු ඉවත් වන අතර, ඔහු සහ එය අතර නොසිටිති. මිනිසෙකුගේ නියම ආයු කාලය ඔහුගේ ආරක්ෂාවයි."

"ඔහු තම වහලුන්ව යටහත් පහත් කර පාලනය කරන්නේය. තවද ඔබට ආරක්ශකයින්වද ඇති කරන්නේය. ඔවුන් ඔබගෙන් සෑම කෙනෙකුවම මරණයට පත් කිරීමේ කාලය ළඟා වනතුරු ආරක්ශා කර, පසුව ඔහුව අපගේ දේවදූතයින් මරණයට පත් කරන්නාහ. ඔවුන් (නියමිත කාලයට පෙර හෝ පසුව හෝ පන අත්පත් කර) කිසිම වැරැද්දක් කරන්නේ නැත. [6:61]

අල්ලාහ් එවන භාරකරුවන් පුද්ගලයෙකු වෙනුවෙන් නියම කර ඇති නියමිත කාලය (මරණය) පැමිණෙන තෙක් ආරක්ෂා කරයි.

පුද්ගලයන්ගේ හොඳ සහ නරක ක්‍රියා ලියා තබන දේවදූතයන් [3:3]

සෑම පුද්ගලයෙකුටම ඔහුගේ සුළු හා විශාල හොඳ - නරක දෙකම ලියා තබන දේවදූතයන් දෙදෙනෙක් සිටී. අල්ලාහ් පවසයි (අර්ථයේ අර්ථකථනය):

"නියත වශයෙන්ම ඔබ කෙරෙහි දේවදූතයන් පත් කර ඇත.

ඔවුන් ගෞරවනීය මලායිකාවරුන් දෙදෙනෙකි.(කිරාමන් කාතිබීන්). ඔබ කරන සෑම දෙයක්ම ඔවුන් නිවැරදිව දැන (ලියා) ගන්නාහ". [82:10-12]

"සැබවින්ම අපි මිනිසා මැව්වෙමු, ඔහුගේම ආත්මය ඔහුට පවසන දේ අපි දනිමු. තවද (අපගේ දැනුමෙන්) ඔහුගේ බෙල්ල නහරයට වඩා අපි ඔහුට සමීප වෙමු. ඔහු (හෝ ඇය) වචනයක්වත් නොකියයි, නමුත් ඔහු අසල මුරකරුවෙක් (එය පටිගත කිරීමට) සූදානම්ව සිටී. [50:16-18]

දකුණු පස ඇති දේවදූතයා හසනත් (යහපත් ක්‍රියා) සහ වම් පස ඇති දේවදූතයා සයියාත් (නරක ක්‍රියා) සටහන් කරයි.

අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූ බව අබු උමාමාගෙන් වාර්තා විය: "මුස්ලිම්වරයෙකු නරක ක්‍රියාවක් කර පැය හයක් ගත වන තුරු වම් පස ඇති දේවදූතයා කිසිවක් ලියන්නේ නැත. ඔහු ඒ ගැන පසුතැවිලි වී අල්ලාහ්ගෙන් සමාව ඉල්ලන්නේ නම්, ඔහු එය පසෙකට දමන්නේය [එය ලියන්නේ නැත], එසේ නොමැතිනම් ඔහු එකක් (සයියා/නරක ක්‍රියාව) ලියා ගනී. [අල් තබරානි]

කුරානය සහ හදීස් තුල නම් වශයෙන් සඳහන් මලායිකාවරු (දේවදූතයින්) කිහිපදෙනෙකු ගේ නම් සහ ඔවුන්ට පැවරී ඇති ප්‍රධාන කාර්යයන් කිහිපයක් පහතින් දැක්වේ.

  1. ජිබ්රීල් (අලෙහිස් සලාම්) :- අල්ලාහ් හෙළිදරව් කළ දිව්‍ය පණිවිඩ පෘතුවිය වෙත රැගන ඒම.
  2. මීකායිල් (අලෙහිස් සලාම්) :- වර්ෂාව යැවීම, ජීවීන්ට පෝෂණය බෙදා හැරීම නියාමනය කිරීම
  3. ඉස්රාෆීල් (අලෙහිස් සලාම්) :- විනිශ්චය පැමිණෙන දවසේදී එය දැණුම් දීම සඳහා හොරණෑව පිඹීමට
  4. ඉස්රායිල් (අලෙහිස් සලාම්) :- මිනිසාගේ මරණය නියම ව ඇති වෙලාවට ඔහුගේ ආත්මය අත්පත්කරගැනීම.
  5. මුන්කර් (අලෙහිස් සලාම්) :- මුන්කර් සහ නාකිර් යන දේවදූතයන් දෙදෙනාම මිනිසා භූමදානය කල පසු ආත්මයෙන් මූලිකම ප්‍රශ්න කිරීමක් කරයි.
  6. නාකිර් (අලෙහිස් සලාම්) :- මුන්කර් සහ නාකිර් යන දේවදූතයන් දෙදෙනාම මිනිසා භූමදානය කල පසු ආත්මයෙන් මූලිකම ප්‍රශ්න කිරීමක් කරයි.
  7. රාඛිබ් (අලෙහිස් සලාම්) :- මිනිසා ජීවත් ව සිටින කාලය තුල කරන හොඳ නරක සටහන් කිරීම
  8. ආතිද් (අලෙහිස් සලාම්) :- මිනිසා ජීවත් ව සිටින කාලය තුල කරන හොඳ නරක සටහන් කිරීම
  9. මාලික් (අලෙහිස් සලාම්) :- නිරයේ පාළන කටයුතු
  10. රිද්වාන් (අලෙහිස් සලාම්) :- විශ්වාසවන්තය්න්ව ස්වර්ගයෙහිදී පිළිගැනීම