Prophet Adam
ආදම් Adam (عَلَيْهِ ٱلسَّلَامُ)
ආදම් (අ.ස)ව නිර්මාණය කල ආකාරය ගැන වැඩි විස්තර පහත සබැඳියෙන් කියවා බලන්න.
ආදම් (අ.ස) නබි තුමා පෘථිවියේ සිටි පළමු මනුෂ්‍යයා මෙන්ම පළමු නබි හෙවත් වක්තෘවරයා බව විශ්වාස කරයි. එතුමා මිනිස් සංහතියේ පියා ලෙස මුස්ලිම්වරුන් විසින් ගෞරවයෙන් සලකනු ලැබේ. ඔහුගේ බිරිඳ වන හව්වා
(ඒවා අ.ස) මනුෂ්‍ය වර්ගයාගේ මව ලෙසද හඳුන්වති. අල්-කුර්ආනය පවසන පරිදි ආදම් තුමාගේ
පටන් අවසාන වක්තෘ වන මොහම්මද් (ﷺ)
තුමා දක්වා වූ සියලුම නබිවරුන් මනුෂ්‍ය සංහතියටම ඔවුන් සියල්ලගෙම නිර්මාතෘ වන එකම දෙවිඳුන්ට අවනත වීම හෙවත් ඒක දේවවාදය දේශනා කළ බව පවසති. එයට අනුව මුස්ලිම්වරු, මනුෂ්‍ය සංහතියේ පළමු මුස්ලිම්වරයා ලෙසද ආදම් (අ.ස) නබිතුමාව සලකති.
ආදම් (අ.ස) ව ආල්ලාහ් නිර්මාණය කලේ ස්වර්ගයේදීය. පසුව ඔහුගෙන් ඔහුගේ බිරිඳ ව නිර්මාණය කලේය.
මෙහිදී සදහන් කළ යුතු විෂේශ කරුණක් ඇත. එනම් අල්ලාහ් මිනිසුන්ව ආකාර හතරකට නිර්මාණය කර ඇත. ඒවා නම්
- කිසිම කාන්තාවකගේ හෝ පුරුෂයෙකුගේ සම්බන්දයක් නොමැතිවම මිනිසෙකු නිර්මාණය කිරීම- එයට උදාහරණයකි ආදම් (අ.ස)
- පුරුෂයෙක් පමණක් සම්බන්ධ කරගෙන මිනිසෙක් නිර්මාණය කිරීම- එයට උදාහරණය තමය් ආදම්ගේ බිරිඳ.
- කාන්තාවක් පමනක් සම්බන්ධ කරගෙන මිනිසෙක් නිර්මානය කිරීම- එයට උදාහරණය තමය් (ඊසා අ.ස) [ජේසු තුමා]
- කාන්තාවක් හා පිරිමියෙක් යන දෙදෙනාවම සම්බන්ධ කරගෙන මිනිසෙක් නිර්මාණය කිරීම- එයට උදාහරණ තමය් ඔබ සහ මම වැනි මනුෂ්‍ය සමාජය.
අල්ලාහ් ආදම්ව පෘතුවියෙහි විවිධ ප්‍රදේශ වලින් ගත් පස් වලින් (ස්වර්ගයේදී) එහි ජලය සමග මිශ්‍ර කර සෑදූ කිරි මැටියෙන් නිර්මාණය කළේය.
ඉබ්නු අබ්බාස් රහ්මතුල්ලාහ් පැවසුවේ අල්ලාහ් ආදම්ගේ වම් පැත්තේ ඇති කෙටිම ඉළ ඇටයෙන් හව්වා (අ.ස)ව මැවූ බවයි.
අල්ලාහ් ආදම්ව නිර්මාණය කල පසු මලායිකාවරුන්ට සහ ඔවුන් සමගම ස්වර්ගයෙහි සිටි ඉබිලීස්ටද ආදම්ට ගෞරව කිරීම සදහා හිස බිම තබා සුජූද් කරන ලෙස පැවසීය. මලායිකාවරුන් එය එසේ කළ නමුත් ඉබිලීස් අහංකාර වී එය ප්‍රතික්ෂේප කලේය.
(එයට දෙවියන්) "ඕ ඉබිලීස්! මම ම මගේ අත්වලින් කළ දැයට ඔබ සුජූද් නොකර සිටීමට ඔබව වළක්වා හැරියේ කුමක්ද? උඩුඟු වී ගියෙහිද? නැතහොත් ඔබ උසස් පදවීන්ගෙන් යුත් අයගෙන් (කෙනෙකු) බවට පත් වූවෙහිද? යි කීවේය. (38:75)
එයට ඔහු "ඔහුට වඩා මම ම උසස් කෙනෙකි. මාව ඔබම ගින්දරෙන් උත්පාදනය කළෙහිය. ඔහුව(ලැජ්ජාවකි), කිරි මැටියෙන් උත්පාදනය කළෙහිය" යි කීවේය. (38:76)
(එවිට දෙවියන්, එසේනම්) "ඔබ මෙතැනින් පිටමං වනු. ඔබ එළවනු ලැබුවෙහිය" යි කීවේය. විනිශ්චය දින දක්වා මගේ ශාපය ඔබ කෙරෙහි නියත වශයෙන්ම තිබෙනු ඇත. (38:77,78)
(එවිට ඔහු "මගේ දෙවියනේ! (මරණයට පත් වූවන්) නැගිට්ටවනු ලබන දින දක්වා මට කාල අවකාශය දෙනු මැනව" යි කීවේය.
කෙසේ නමුත් ඉබිලීස් උඩුඟු වී අහංකාර වී ආදම් සහ හව්වා ඇතුළුව ඔහුගේ ඉදිරි පරම්පරාව සමගම ඔහු වෛර බැදගත්තේය. ඔවුන්ව නොමග යවා ඔවුන්ගේ ගෞරවය නැති කිරීමට අදහස් කළේය.
අල්ලාහ් ආදම්ට මේ බව දැන්වීය. ඉබිලීස්ගෙන් පරිස්සම් වන ලෙස ට උපදෙස් දුනි, නමුත් එතෙක් ඔවුන් එකිනෙකා අතර වරදක් කර නොගත් නිසා ඔවුන් තව දුරටත් ස්වර්ගයෙහිම ජීවත් විය.
ආදම් සහ හව්වා පාරාදීසයේ කාලයක් එකට ජීවත් වූහ. එක් ගසක ගෙඩි හැර පාරාදීසයේ සියලුම පලතුරු අනුභව කිරීමට අල්ලාහ් ඔවුන්ට අවසර දුන්නේය. ආදම් සහ හව්වා ට එම ගසෙන් කෑමට අවසර නොදුන් නමුත් ඉබ්ලිස් ඔවුන්ට එයින් කෑමට රහසින් පෙලඹුවේය. එවිට හව්වා (ඒව) එම ගසෙන් කෑමට ආදම්ව දිරිමත් කිරීමට පටන් ගත්තේය. අන්තිමට දෙන්නම එම ගසින් පළතුරු කෑවේය. එසේ කිරීම පාපයකි, අල්ලාහ් තහනම් කර තිබූ දෙයක් ඔවුන් කළේය. කෙසේ වෙතත් එය කුඩා පාපයක් වූ අතර ඔවුන් දෙදෙනාම ඉක්මනින් පසුතැවිලි වූහ. ඔවුන් පැවසූ දේ සූරත් අල්-අරාෆ්, ආයා 23 හි සඳහන් වේ: "අපගේ පරමාධිපතියාණනි, අපි අපටම අපරාධ කර ගත්තෙමු, ඔබ අපට සමාව දී අපට අනුකම්පා නොකරන්නේ නම්, නියත වශයෙන්ම අපි පරාජිතයන් අතර වන්නෙමු" යි ඔවුහු පැවසූහ.
"අනේ දෙවියනී!, අපි අපටම අසාධාරණයක් කර ගත්තෙමු. එබැවින් ඔබ අපට සමාව නොදුන්නේ නම් සහ ඔබ අපට අනුකම්පා නොකරන්නේ නම්, අපි පරාජිතයන් වනු ඇත" යැයි පවසමින් ඔවුන් පසුතැවිලි විය. අල්ලාහ් ඔවුන්ගේ පසුතැවිල්ල පිළිගත්තේය.
මෙම සිදුවීමෙන් පසු ආදම්, හව්වා (ඒව) සහ ඉබ්ලිස් හට පාරාදීසයෙන් පිටව යන ලෙස නියෝග කරන ලදී. ආදම් පාරාදීසයේ සිට සරන්දිබ් දේශයට (වර්ථමානයේ ශ්‍රී ලංකාව) පහළ වූ බවට යම් අදහසක් ඇත. හව්වා (ඒව) ආදම්ට වඩා වෙනස් ස්ථානයකට පහල කෙරින. ඇය වර්තමනයේ සෞදි අරාබියාවේ ජෙද්දා නගරය පහළ වූ බව සදහන් වේ. පසුව ඔවුන් දෙදෙනා මක්කා නගරයේදී එකට හමු වූ බවත් සදහන් වේ. ඉබ්ලිස්, වර්තමාන ඉරාකයේ අල්-උබුල්ලා (අල්-බස්රාට යාබදව පිහිටි නගරයක) ප්රදේශයට පහළ වූ බව ද අදහසක් තිබේ.
පසුව ආදම් (අ.ස)ට අල්ලාහ්ගෙන් අනාගතවක්තෘත්වය පිළිබඳ හෙළිදරව්ව ලැබුණි. පළමු මිනිසා වූ ආදම්, අල්ලාහ් පහළ කළ පළමු අනාගතවක්තෘවරයා සහ පළමු දූතයා බවට පත් විය. ආදම් නබි සහ ඔහුගේ බිරිඳට බොහෝ දරුවන් සිටියහ.
හව්වා (අ.ස) දරුවන්, නිවුන් දරුවන් විශාල ගනනක් බිහි කළාය. ඔවුන්ගේ ගනනයන් ගැහැණු පිරිමි ආදිය සම වනසේ විය. ඔවුන්ගේ දරුවන් විවාහ වී පසුව ඔවුන්ටද දරුවන් බිහි වූ අතර පසුව ඔවුනොවුන්ද විවාහ වී ඔවුන්ටද දරුවන් බිහි වෙන්නට විය. පසුව ඔවුන් විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වන්නට විය. ආදම් සහ හව්වා යනු (යාජුජ් සහ මාජුජ් ජනගහනයද ඇතුළුව) අද දක්වා සිටින සියළු මිනිසුන්ගේ මුල්ම දෙමාපියන් දෙදෙනාය.
ආදම් නබි තම දරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ඉස්ලාමය ගැන ඉගැන්වීය. ආදම් අවුරුදු ගණනාවක් ජීවත් වුණා. ඔහුගේ පරම්පරාවෙන් විශාල දරු මුණුපුරන් ප්‍රමාණයක් දකින තුරු ඔහු මිය ගියේ නැත. ඔවුන් සියල්ලෝම මුස්ලිම් වූහ. ආදම් නබි සහ හව්වා (ඒව) අල්ලාහ්ට ආදරය කළ අතර නමස්කාර කළහ. ඔවුන් යාඥා කිරීම, නිරාහාරව සිටීම සහ හජ් (වන්දනාවට) යාමට පුරුදුව සිටියහ. අල්ලාහ්ට ගැලපෙන ගුණාංග සහ මැවුම්කරු සහ මැවීම් අතර වෙනස ගැන ආදම් නබිතුමා තම දරුවන්ට ඉගැන්වූහ. ඔහු යහපත් හැසිරීම, සත්‍යවාදී බව, විශ්වාසවන්තකම සහ අවංකකම ඉගැන්වීය.
අල්ලාහ් ආදම් නබිතුමාට බොහෝ දැනුම ලබා දුන්නේය. අල්ලාහ් ආදම් තුළ භාෂා පිළිබඳ දැනුම - ඒවා අධ්‍යයනය කිරීමකින් තොරව නිර්මාණය කළේය. ඔහු වාචිකව හා සංඥා භාවිතා නොකර කතා කළේය. තිරිඟු සිටුවන්නේ කෙසේද, ඇඳුම් සාදා ගන්නේ කෙසේද, රන් රිදීවලින් මුදල් ඉපැයීම ඇතුළු ජීවනෝපාය උපයා ගැනීමේ කාරණා පිළිබඳ දැනුම අල්ලාහ් ආදම් තුළ නිර්මාණය කළේය.
සවල සහ දෑකැත්ත වැනි පැළ සිටුවීමට අවශ්‍ය උපකරණ සාදන ආකාරය සහ බීජ, එළවළු සහ පලතුරු සිටුවන ආකාරය මෙන්ම අස්වැන්න නෙළන ආකාරය පිළිබඳ දැනුමත් අල්ලාහ් ආදම් තුළ නිර්මාණය කළේය. ආදම් නබිතුමා නිවාස සහ ගෙවල් ගොඩනඟා ගැනීමට සහ ඉදිකරන ආකාරය දැන සිටි අතර ඔහු ඒවා සඳහා සිවිලිම් සහ දොරවල් සෑදුවේය.
ආදම් නබිතුමා මුලින්ම කබාව ගොඩනැගුවේය. ඔහුගේ කාලයේ පලස්තීනයේ අක්සා පල්ලිය ඉදිකරන ලදී.
අනාගතවක්තෘ ඒනොක් හෙවත් ඉද්රීස් (අ.ස) ගේ මරණයෙන් පසු කාලයාගේ ඇවෑමෙන් සිදුවීම් කිහිපයක් සිදු වූ අතර එය පළමු වරට ආදම්ගේ පරම්පරාවේ දරුවන් දෙවියන්ගේ සෘජු මාර්ගයෙන් පිට යන්නට පටන් ගැනුණු යුගය විය.
සූරහ් 71, 23 වැනි ආයතයේ (නම් වශයෙන් සඳහන්) වන භක්ති වන්ත පුද්ගලයන් පස් දෙනෙක් ඒ කාලයේ විසූහ. ඔවුන් වාඩ් (Wadd), සුව (Suwâ), යාගුත් (Yaghûth), යාඋක් (Ya'ûq) සහ නස්ර් (Nasr) ය. ඔවුන්ගේ මරණයෙන් පසු සාතන් (ඉබිලීස් හෙවත් යක්‍ෂයා) මිනිසෙකුගේ හැඩය ගෙන විත් මිනිසුන් වෙත පැමිණ මෙම මිනිසුන් පස්දෙනාගේ පිළිම ගොඩනඟන ලෙස ඔවුන්ට කීවේය. යක්‍ෂයාගේ කටහඬට ප්‍රතිචාර දැක්වූ ජනතාව මේ සත්පුරුෂයන් පස්දෙනා සිහිකර ගෞරවය පිණිස මේ පිළිම ඉදි කළහ. බොහෝ කලකට පසු සාතන් නැවතත් මතු විය. අවිද්‍යාව බොහෝ සෙයින් පැතිරී තිබූ අතර මිනිසුන් අතර බොහෝ දුක් කරදර ඇති විය. පිළිම මිනිසුන් අතර ඉතා සුලභ වී ඇත. පසුව මිනිසුන් එම පිළිම වන්දනා කරන්නටද පටන් ගැනිණ.
එලෙස මිනිසුන් නොමග ගොස් අල්ලාහ්ගේ මාර්ගයෙන් විශාල ලෙස පිටව යන්නට විය. එය පිළිසකර කිරීමට අල්ලාහ් නූහ් නබි (අ.ස)ව අනාගත වක්තෘවරයා ලෙස ඔවුන් වෙත එවීය. එයිනුත් පලක් නොවීය. එතුමා වසර 950 ක් ඔවුන්ට අලාහ්ගේ සෘජු මාර්ගය පෙන්වමින් එයට ආරධනා කළේය. අවසානයේ 80 දෙනෙකු පමනක් නබිවරයාව පිළිගෙන ඔහු සමග නැවට නැගීය. දුර්මාර්ගයේ සිටි ඔහුගේ පුතාද ඇතුළුව අන් සියලුම ජනතාවම අල්ලාහ් මහා ගංවතුරකට යටකොට විනාශ කර දැමීය.


