මක්කාව සහ ඒ අවට ඇති විශේෂ ස්ථාන

නබි (ﷺ) තුමාණෝ මෙසේ පැවසූහ, "අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි, මක්කාව අල්ලාහ්ගේ දේශයන්ගෙන් හොඳම වන අතර මක්කාව අල්ලාහ්ට වඩාත්ම ආදරණීය දේශයයි."

 පහත සඳහන් ස්ථාන සම්බන්ධව තොරතුරු මෙහි අඩංගු වේ. 

  1. කාබතුල්ලාහ්, සෆා මර්වා කඳු 
  2. ජබල් අල් නූර් 
  3. ජබල් අල් තූව්ර්
  4. කුරාන් කෞතුගාගාරය
  5. මීනා, මුස්දලිෆා, ජමරාත්, ජබල් අරෆාත් 

නබි (ﷺ) තුමාගේ  ඉහත වැකියත් සමග මක්කාවෙහි ඇති විශේෂත්වය ගැන සළකා බලමු.

පළමු මිනිසා සහ ඔහුගේ බිරිඳ වන ආදම් සහ හව්වා යන දෙපල (ඔවුන්ට අල්ලාහ්ගේ ශාන්තිය හිමි වේවා) ස්වර්ගයේ සිට පෘතුවියෙහි ස්ථාන දෙකකට පහළ වූ පසු මක්කාවේදී ඔවුන් එකෙනෙකා මුන ගැසී එහි ජීවත් වූ බව සඳහන්. ආදම් අලෙහිස්සලාම් විසින් තම නැමදීම් මද්‍යස්ථානය ලෙස වර්ථමානයේ කාබතුල්ලාහ්ව ඇති ස්ථානයේ ඉදිකිරීමක් කර ඇත. පසුව යම් කාලයක් ඔහුගේ පරම්පරාවේ අයද එහිම තම නැමදීම් ඉටු කර ඇත.

ඉන් පසු කල් යත්ම එහි අල්ලාහ් නොවන දැය ද නැමදීම් කර පසුව එය විනාශ වන්නට විය, එසේ බොහෝ කලක් ගත වූ පසු මීට වසර 6000 කට පමණ පෙර අල්ලාහ් විසින් ඉබ්රහිම් අලෙහිස්සලාම්ට එතන අල්ලාහ් වෙනුවෙන් පඑම්අනක් නැමදීම් කරන නැමදුම් මධ්‍යස්ථානය ලෙස එය නැවත ගොඩනගන්නට උපදෙස් දී ඇත. ඉබ්රාහීම් අලෙහිස්සලාම් සහ ඔහුගේ පුත් ඉශ්මායීල් අලෙහිස්සලාම් යන දෙදෙනා එක්ව කාබාව ගොඩ නැගීය. කාබා යනු ඉස්ලාමයේ භෞතික මධ්‍යස්ථානයයි. එම නැමදුම්පොලට මස්ජිද් අල් හරාම් ලෙසින්ද, අල්ලාහ්ගේ නිවස ලෙසින්ද හදුන්වන් ලබයි.  

මස්ජිද් අල්-හරාම්


(නබියේ!) ඉබ්රාහීම් වෙනුවෙන් ශුද්ධ වූ ස්ථානය අපි නැමදුම් මධ්‍යස්ථානයක් බවට පත් කර දී, (ඔහුට) "ඔබ මා හට කිසිවෙකුත් සමාන නොකරනු. මගේ (මෙම) නිවස (ස්ථානය) වටා ගමන් කරන්නන්ටද, එහි හිස බිම තබා සුජීද් කර නමදින්නන්ටද එය පරිදුද්ධ කර තබනු" යයි අපි පැවසූ අවස්ථාවේදී (22:26) "හජ් සඳහා පැමිණෙන මෙන් මිනිසුන්ට නිවේදනයක් නිකුත් කරනු;(22:27)


මස්ජිදුල් හරාම් හි එක් යාච්ඤාවක් වෙනත් ඕනෑම පල්ලියක යාච්ඤා 100,000 කට වඩා වටින බව නබි (ﷺ) තුමාණෝ පැවසූහ. 

සෆා සහ මර්වා කඳු

ජබල් අල් නූර්

ජබල් අල් තූව්ර්

කුරාන් කෞතුගාගාරය

මීනා, මුස්දලිෆා, ජබල් අරෆාත්

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us