
ලෝක අවසානයේ පෙරනිමිති
ලෝක අවසානයට පෙර සිදුවන සුළු හා ප්‍රධාන සිදුවීම් කිහිපයක් පිළිබඳව මොහම්මද් නබි (ﷺ) තුමාණන් පුරෝකථනය කළහ.
පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.
ලෝක අවසානයට පෙර දැකිය හැකි සුළු සිදුවීම්. [ඒවායින් බොහොමයක් දැනටමත් සිදුවී හමාරය].
- භූමිකම්පා නිතර සිදුවීම.
- ලෝකය පුරා යුධ ඇවිලීම්.
- අයුක්තිය සහ අසාධාරණය ලොව රජ කරනු ඇත.
- ප්‍රයෝජනවත් දැනුම ලෝකයෙන් තුරන් වන අතර නුගත්කම පැතිරෙනු ඇත. (මෙහි ප්‍රයෝජනවත් දැනුම ලෙස හැඳින්වෙන්නේ ආගමික දැනුම වේ)
- පොත්පත් සහ ලිඛිත දැනුම බහුලව දැකිය හැකි නමුත් (ආගමික) විද්වතුන්ගේ අඩුවක් සිදුවනු ඇත (අහමද්).
- පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම සාමාන්‍ය සිද්ධීන් බවට පත්වනු ඇත. (නබිතුමාගේ හදිස් වලින් දැක්වෙන පරිදි මේ වැනි දේ සිදුවන විට මිනිසා මිට පෙර කිසිදාක නො ඇසූ නො දුටු ලෙඩ රෝග අළුතින් ව්‍යාප්ත වනු ඇත) බුහාරි, මුස්ලිම්, ඉබ්නු මාජාහ්.
- පාලකයින් අතර අපචාරය බහුලව සිදු වනු ඇත. (හදිස් වලින් කියවෙන්නේ මිනිසා අයහපත් දේ වැළැක්වීමට ක්‍රියා නොකිරීමෙන් මෙය සිදුවන බවය-ඉබ්නු මාජාහ්).
- පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම ප්‍රසිද්ධියේ සිදුවනු ඇත.
- මත්පැන් පානය බහුලව සිදු වනු ඇත (බුහාරි, මුස්ලිම්).
- පිරිමින්ට වඩා ගැහැණුන් වැඩිවනු ඇත. මෙය එකට පනහ අනුපාතය දක්වා වැඩිවනු ඇත. (බුහාරි, මුස්ලිම්).
- මනුෂ්‍ය ඝාතන බහුලව සිදුවනු ඇත. ඝාතන වැඩි වන තරමට කුමන හේතුවක් නිසා එම ඝාතනය සිදුකලේදැයි ඝාතකයා පවා දැනගන්නේ නැත.
- කෑදරකමින් කෑම මේසයක් වටා සිටගන්නවා සේම මුස්ලිම්වරුන්ට එරෙහිව ලෝකයේ විවිද ජාතින් සිටගනු ඇත. මෙසේ සිදුවන විට ලෝකයේ මුස්ලිම්වරු බහුලව සිටියත් ඔවුන් මුහුදේ ඇති පෙන මෙන් වටිනාකමක් නැති ජාතියක් බවට පත්වනු ඇත.
- අම්ල වරුසා, වසිනු ඇත (අත් තබරානි, අල් හාකිම්)
- අවජාතක දරුවන් සුලබ වනු ඇත (අත් තබරානි, අල් හාකිම්)
- පොදු අරමුදල් (trust) ලාභ උපයන දෙයක් ලෙස සලකනු ඇත (අත් තිර්මිසි, අල් හය්තමි).
- ලාභාංශ ධනවතුන් අතර පමකන් බෙදා ගනු ඇත, ඒවා දුප්පතාට නොලැබෙනු ඇත (අත් තිර්මිසි).
- zසකාත් ගෙවීම බරක් ලෙස සලකනු ඇත. මසුරුකම රජකරනු ඇත. අකමැත්තෙන් සදකා හෙවත් තුටුපඬුරු දෙනු ඇත (අත් තිර්මිසි, අල් හය්තමි).
- මිනිස් සිත්වල මසුරුකම මුල්බැසගනු ඇත (බුහාරි).
- හදිසි මරණ ගැන නිතර ඇසීමට ලැබෙනු ඇත (අහමද්).
- මිනිසුන් ප්‍රසිද්දියේ කුලුපහු මිතුරන් ලෙස රඟ පැවත් රහසිගතව සතුරන් ලෙස ක්‍රියාකරනු ඇත (අත් තිර්මිසි).
- මිනිසුන් තමන්ගේ භාර්යාවට කීකරු වන අතර තමන්ගේ මවට අකීකරු වනු ඇත, තම යහළුවන් සමග කුලුපහවන අතර තම පියාගෙන් දුරස් වනු ඇත (අත් තිර්මිසි).
- දේවස්ථානවල උස්හඩින් කතා කරනු ඇත (අත් තිර්මිසි).
- මිනිසුන් ජනතාව ගැවසෙන ස්ථානවල තම කලව ප්‍රදර්ශනය කරනු ඇත.
- දිගු ගමන් කෙටි කාලයකදී සිදු කරගනු ඇත.
- මිනිසුන් අතරින් නරකම ජන කොට්ටාසය පාලකයින් බවට පත්වනු ඇත (අත් තිර්මිසි).
- පාලකයන් ජනතාව තලා පෙලා රට පාලනය කරනු ඇත (අල් හය්තමි).
- මිනිසුන්ගේ දෘශ්ටකම් වලට බියෙන් මිනිසා මිනිසාට ගව්රව කරනු ඇත (අත් තිර්මිසි).
- ගායිකාවන් සහ සංගීත භාණ්ඩ ජනප්‍රිය වනු ඇත (අත් තිර්මිසි)
- මිනිසුන් කුරානය පිළිපදින බව කියමින් හදිස් සහ සුන්නාවලින් ඇති වනු ඇත (අබු දාවුඩ්).
- කාලය වේගවත් වනු ඇත (බුහාරි, මුස්ලිම්).
- සත්ක්‍රියා දුලභ වනු ඇත (බුහාරි).
- නිතර නිතර භූමිකම්පාවන් සිදුවනු ඇත. (බුහාරි, මුස්ලිම්).
- සිව්පාවන් මිනිසුන් සමග කතා කරනු ඇත (අහමඩ්).
- කාන්තාවන් වස්ත්‍ර ඇන්දත් නිරුවතින් මෙන් දිස්වනු වනු ඇත. මොවුන් නොමග යන ගමන් අනෙක් අයවත් නොමග යවනු ඇත (මුස්ලිම්).
- මිනිසුන් ඉතා උස ගොඩනැගිලි සැදීමේ තරගයක නිරත වනු ඇත (බුහාරි).
- පවුල් අතර ඇති බැඳීම් සිඳී යනු ඇත.
- අහාර පාන බහුලව තිබුනත් ඒවායේ ආශීර්වාදයක් (blessings) නොතිබෙනු ඇත.
- යුප්‍රටීස් නදියෙන් නිදානයක් මතු වනු ඇත (එම අවස්ථාවේ ජිවත්වන කිසිවෙකුට එය නොගන්නා මෙන් නබිතුමා පවසා ඇත) (බුහාරි, මුස්ලිම්).
ඉහත සඳහන් කළ සුළු සිදුවීම් වලින් පසු පහත දැක්වෙන මහා පරිමාන සිදුවීම් එකින් ඒක පැමිණීමට නියමිතය.
- මසිහ් අද්-දජ්ජාල් ගේ පැමිණීම (The Antichrist). මොහුගේ පැමිණීමෙන් පසු ලෝකයේ කවදාවත් නුදුටු විනාශයන් සිදු කරනු ඇත.
- මහ්දි (අලෙය්හි සලාම්) ගේ පැමිණීම. මෙතුමා පැමිණ ලෝකයේ ස්ථිර සාමය නැවත ස්ථපනය කරනු ඇත.
- එම වකවානුව වන විට මරියා තුමියගේ පුත් ඊසා නබි තුමා (Jesus Christ) ගේ දෙවන සම්ප්‍රාප්තිය සිදු වීමට නියමිතය. ඔහු සිරියාවේ දමස්කස් යන ස්ථානයේ පිහිටි දේවස්ථානයට දේවදුතයින් සමහ පැමිණීමට නියමිතය. ජේසු තුමා නැවත පැමිණි පසු කුරානයේ නීති ප්‍රකාරව පාලනය සිදු කරනු ඇත.
- යඃජුජ් සහ මඃජුජ් (Gog and Magog) ගේ පැමිණීම. මොවුන් ලොව පුරා අසීමිත විනාශයන් කරනු ඇත.
- කඃබාව විනාශ කිරීම සහ එහි වස්තුව පැහැරගැනීම.
- දාබ්බතුල් අර්ල් නමැති සත්වයාගේ පැමිණීම.
- ලෝකය දුමාරයකින් වැසියාම.
- දරුණු බුමිකම්පා තුනක් ඇති වීම.
- මනහර සුළගක් හමා මුමින්වරුන් මරණයට පත් වීම.
- ඉර බටහිරින් නැගෙනහිරට උදාවීම. (මෙම සිදුවීමෙන් පසු සමාවෙ දොරටු වැසි යන්නේය).
ලෝක විනාශ වන මොහොත සහ මිය ගිය අය නැවත නැගිටුවීම
- ගින්නක් මගින් මිනිසුන් අවසාන වශයෙන් එක්කාසු වන ස්ථානයට කැදවාගෙන යාම.
- ඉස්රාෆීල් (අ.ස) නැමති මලායිකවරයා විසින් සුර් නම් නලාව නාද කිරීම. මුල්වරට සුර් නම් නලාව නාද කිරීමෙන් පසු ලෝක විනාශය සිදු වනු ඇත. එම අවස්ථාවේ භිය, ත්‍රාසය සහ මරණය සිදුවනු ඇත
- එම නලාව දෙවන වරට පිඹීමෙන් පසු මියගිය සියළුම දෙනා නැවතත් මළවුන්ගේ නැගිටිනු ඇත. ඉන් පසු ඔවුන් විනිශ්චය සිදුකරනු ලබන ස්ථනය වෙත එක්රැස් කරනු ලබන්නේය.
දෙවියන් වහන්සේ ලෝක අවසානය සහ විනිශ්චය දිනය ගැන අල් කුරාණය තුලින් බොහෝ වාරයක් කතා කර ඇත. වැඩි විස්තර සඳහා පහත සඳහන් පද සහ අදාළ ලිපි බලන්න.
(කුරානය 56:1-4)"එම සිද්ධිය ඇතිවන විට එය බොරු කළ හැකි කිසිවක් නොමැත. එමගින් (නිරයට යන අයව) පහත් කරන අතර (ස්වර්ගයට යන අයව) උසස්කරනු ඇත. තවද පොළව ඉතා සැරෙන් සොලවනු ලබන කල, කඳු දුවිලි බවට හැරෙනු ඇත. ඒවා පාවෙන දුවිලි බවට පත්වනු ඇත"
(කුරානය 56:61) "නුඹලා නොදන්නා පෙනුමෙන් නුඹලාව නැවත මවන්නෙමු" .
(කුරානය 56:50) "නියතව සියල්ලෝම නියමිත දවසක නියමිත වේලාවක එක්රැස් කරවනු ලබන්නෝය'යි (නබි!) නුඹ පවසන්න" .
එම දිනයේදී සෑම කෙනෙකුටම ඔවුන් කළ දේවල් ලියා තබන ලද ලියවිල්ලක් ලබා දෙන්නේය. ඉන් පසු ප්‍රශ්න කිරීම ආරම්භ කරනු ලැබේ. මෙම ප්‍රශ්න කිරීමෙන් පසු ස්වර්ගය හෝ නිරය තීරණය කරනු ඇත. (19.9.2017)
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us