මොහම්මද් නබි තුමා කියන්නේ කවූරුන්ද?

අපි එදිනෙදා විවිධ අවස්ථාවල විවිද පුද්ගලයන්ව විශේශත්වයකින් යුතුව සිහිපත් කරනවා. බෞද්ධයන් බුදුන් වහන්සේවද, කිතුනුවන් ජේසු (ඊසා අ.ස) තුමාවද, මුස්ලිම්වරුන් මොහම්මද් නබි (ﷺ) තුමාවද, සමහරු ක්‍රීඩකයන් වද, සමහරු නළු නිලියන්වද, දරුවන්වද, ප්‍රේමවන්තයින්වද, මිය ගිය අය ද ඒ අතර වෙයි.
වර්තමාන ලොවේ ජනගහනයෙන් අති මහත් ජනතාවක් මොහම්මද් නබි(ﷺ) තුමාව අන් කිසිම පුද්ගලයෙකු සිහි නොකරන විශේෂ ක්‍රමයකට සිහිපත් කරන බව ඔබටද අත්විදිය හැක. ඔබේ සිහියට එන ඕනෑම චරිතයක් ගෙන බලන්න. ඒ ඕනෑම චරිතයක් සිහිපත් වෙනවිට, සිහිපත් කරන විට දී ට වඩා කිසියම් සුවිශේෂී තත්වයකින් මොහම්මද් නබි(ﷺ) තුමාව සිහිපත් කරන ජන කොටසක් එතුමාගේ අභාවය වී වසර 1400 ක කාල පරාසය පුරාවටම සිටියේය, අදත් සිටිනවා.
ඔබ සැබෑ බෞද්ධයෙකු වෙත ගොස් බුදුන් වහන්සේවද, සැබෑ කිතුනුවෙකු වෙත ගොස් ජේසු තුමාවද, චිත්‍රපට හෝ සංගීත ලෝලියෙකු වෙත ජනප්‍රියතම නලු නිලි හෝ ගායක ගායිකාවක්වද, සැබෑ මුස්ලිමෙකු වෙත ගොස් මොහම්මද් නබි තුමාවද වචනයෙන් ප්‍රකාශ කර (ප්‍රයෝගිකවම අත්විද) බලන්න මා කියූ කතාවේ සත්‍ය තාවය ගැන.
කිසිම රූපයකින් දැක නැති, කිසිම පිළිමයක් හෝ හැඩරුව විදහා පෙන්න්වන ආකෘතියක් හෝ නැති එතුමාව තම වයස වසර 40ක් වෙනතුරු මක්කාවේ කාන්තාරයේ සාමාන්‍ය මිනිසකු වශයෙන් වෙල-හෙලදාම් කරගෙන සිටි කෙනෙකි. ලියන්නට කියවන්නටවත් බැරි අද්‍යාපන මට්ටමක සිටි එතුමා එම කාලය තුල කිසිම දේශපාලන හෝ ධර්ම ප්‍රචාරයක හෝ නොයෙදුන කෙනෙකි.යුධමය වශයෙන් දස්කම් පෑමක් නොපෙන්නපු, යන්තර මන්තර හුනියම් වල නිපුනත්වයක් නොපෙන්නපු, කිසිම කලාත්මක හැකියාවක්වත් නොතිබුණු කෙනෙකි. කුඩා කාලෙම දෙමාපිය සෙනෙහසද අහිමිව සිටි එතුමා කිසිවකින් ප්‍රසිද්ධියක් නොලබා ඉතාම සාමකාමිව සරළව හිටපු කෙනෙකි. නමුත් ඔහුට "විශ්වාසවන්තයා" යන පටබැඳි නමින්ම යම් පිළිගැනිමක් තිබිනි. වයස 40 සිට 63 දී මිය යන තෙක් නම් එතුමා තුලින් සුවිශේෂත්වයක් පෙන්නුම් කලේය.
මෙතුමා ගැන සොයා බලන එක ඔබේ යුතුකමක් මෙන්ම වගකිමක් යැයි මා ඔබට පවසනවා.
මෙතුමා ගැන සොයා බැලීම ඉතාම වැදගත් බව පහතින් මම ඉදිරිපත් කර තියෙන කරුණු දිහා බැලුවම ඔබටද වැටහෙයි. එසේ වුවත්, මෙතුමා ගැන සත්‍ය කරුණු සොයා බැලීමට ඇති වටපිටාව අපේ සමාජයේ යම් කිසි කොටසක් විසින් තම තමන්ගේ පුද්ගලික වාසි තකා විවිධ උපක්‍රම භාවිතා කර සමාජයට සඟවා තබන්න උත්සහයක නිරත වී සිටින බවද දැකිය හැක.
බුදුන් වහන්සේට බොදුනුවන් කොතරම් ආදරය කරනවද, ජේසු තුමා (ඊසා අ.ස)ට කිතුනුවන් (මෙන්ම සත්‍ය නම් කිතුනුවන්ට වඩා මුස්ලිම්වරුන්) කොතරම් ආදරය කරනවද. එසේම, මොහම්මද් නබි(ﷺ) තුමාට සැබෑ මුස්ලිම්වරුන් තම පනටත් වඩා ආදරය කරනවා. ඔබ කුමන ආගමිකයෙකු වුවත් මොහු ගැන සොයා බැලීමෙන් ඔබට යහපතක් මිස අයහපතක් සිදු නොවනු ඇත.
වැලි කාන්තාරයේ මෙතුමා සමග සිටි හිතවතුන් එතුමා ගේ අවසන් වසර 23 තුල සිදුවූ සියල්ලද, එනම්, එතුමා කියපු කරපු දේවල්ද, එතුමා හොඳය් නරකය් කියා වෙන්කර පෙන්නපු දේවල්ද, අනුමත හා ප්‍රතික්ෂේප කල දේවල්ද ආදී වශයෙන් වූ සියල්ලම පුදුම පරිස්සමකින්ද පුදුම භක්තියකින්ද අනාගතය වෙනුවෙන් ලියා සටහන් කර සුරක්ෂිත කර අපටද බලාගන්න පුළුවන් විදිහට දායාද කර දී තිබේ. මෙතුමාගේ චරිතයෙන් තරම් තොරතුරු එක්රැස් කර පොත් වශයෙන් එළිදක්වපු වෙනත් කිසිදු චරිතයක් නැතුව ඇතැයි විශ්වාස කල හැකිය. (එම පොත් වලට අරාබි බසින් 'හදිස්' යැයි කියනු ලැබේ)
මොහු ගැන තමයි ඔබ නොදැන හිටියේ. ඔබ නොදැන සිටිය නොව, ඔබෙන් එම මාර්ග වසා දමා තිබිලා තියෙනවා කියලයි මගේ මතය. එය කව්ද කලේ, කව්ද කරන්නේ, කුමන හේතුවකටද කලේ, කුමන හේතුවකටද කරන්නේ යන්න පසුව ඔබටම වැටහෙයි. මොහු මෙතරම් විශිෂ්ට වෙන්න හේතුව සහ ඔහුගේ විශිෂ්ඨ ක්‍රියාවන් මොනව දැයි මම තවම සටහන් කලේ නැත. ඉදිරි පරිච්ඡේදය තුලින් එය පෙන්නුම් කරයි.
එතුමාගේ වයස අවරුදු 40 න් පසු සුවිශේෂී විපර්යාසයක් එතුමා තුලින් දෘශ්‍යමාන වන්නට පටන් ගැනුනි. සිදුවුයේ කුමක්ද යන්න මම අවසානයට සදහන් කරන්නම්. එතෙක් අපි බලමු මේ සාමාන්‍ය පුද්ගලයා හදිසියේම වෙනස් වුයේ කුමන පැතිකඩ වලින්ද කියල.
- ලියන්නට කියවන්නට බැරි ඔහු ලොව විශිෂ්ටතම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය.
- එතුමා එම ග්‍රන්ථය තුලින් නුතන විද්යාඥයන් පවා මවිත කරවන විද්‍යාත්මක තතු හෙළි කළේය.
- ලෝක ඉතිහාසය ගැන එතුමා තතු හෙළි කළේය.
- නීතිය ගැන එතුමා කරුණු ප්‍රකාශ කරන්නට පටන් ගත්ත වගේම. නීතියක් ස්ථාපිත කළේය.
- ධර්මයක් ප්‍රකාශ කරන්නට පටන් ගැනිණි. ජනයා ඒ වෙත කැදවන්නට ද විය.
- හොඳ නරක පිළිබඳව උපදෙස් දෙන්නට ආරම්භ කෙරිණි.
- දක්ෂ කථිකයෙකුගේ ලක්ෂණ පෙන්වන්නට පටන් ගැනුනි.
- එකම ධජයක් යටතට ජනතාව පෙලගස්සන්නට විය.
- එතුමා සමාජ සංශෝධකයෙක් ලෙස ක්‍රියාත්මක විය.
- එතුමා අවිහින්සාවේ ආදර්ශය විය.
- යුධ පිටියේදී එතුමා සෙන්පතියෙකු විය. රාජ්‍ය නායකත්වය, ජනාධිතිධූරය දැරිය(නමුත් එය සුවිසේශී නායකත්වයකි).
- එතුමා එවක සිටි ජනතාවට සමහර ප්‍රාතිහාර පෙන්වීය.
(01) ලියන්නට කියවන්නට බැරි ඔහු ලොව විශිෂ්ටතම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය.
- (වසර 3000 ට පෙර) ඉතිහාසය දෙස බලන විට මෝසෙස් හෙවත් මුසා නබි (අ.ස)ගේ කාලය මැජික් හෙවත් සුනියම් කලාවට ප්‍රසිද්දියක් ඉසිලු බව අපිට දැනගන්නට පුළුවන්. වසර 2000 ට පෙර එනම් ජේසු (ඊසාඅ,ස)ගේ කාලයේ රෝග සුව කිරීම වැනි වෛද්‍ය විද්යාව සම්බන්දව ප්‍රසිද්ධියක් ඉසිලුව. මිට වසර 1500 කට පෙර මොහම්මද් නබි (ﷺ)ගේ කාලයේ අරාබිකරය පුරාවට කාව්‍යකරණ කලාවට මහත් ප්‍රසිද්දියක් ඉසිලීය. අති දක්ෂ කවියන් සිටි පරිසරය තුල කිසිදිනක කවියක් හෝ ගෙතු බවටද සඳහනක් නැති, ලියන්නට කියවන්නටවත් බැරි මොහම්මද් (ﷺ) තුමා වසර 40 ට පසු අති දක්ෂ කවිකාරයෙකු ලෙස දිස් වන්නට විය. ඔහුගෙන් ප්‍රකාශ වූ කාව්‍යමය වදන් වලින් මුළු මහත් මානව සංහතියටම අභියෝගයන් රාශියක් ඉදිරිපත් කර තිබේ. පුලුවන්නම් එතුමා ගෙනා ග්‍රන්ථයට සමාන ග්‍රන්ථයක් (පරිච්චේද 114 ක්) නිර්මාණය කර පෙන්න්වන ලෙස. තව වරක, පුලුවන්නම් පරිච්චේද 10 ක්ද, නැත්නම් පුලුවන්නම් එක පරිච්චේදයක් නිර්මාණය කර පෙන්වන ලෙස අභියෝග ඉදිරිපත් කර තියෙනවා. එම අභියෝගය අදටත් එලෙසම පවතී.
- එතනින් නතර නොවූ එතුමා, ඔහුගේ ග්‍රන්ථයෙහි කිසිඳු සැකයක් නොමැති බව පවසයි. පුලුවන්නම් එකම එක වරදක්, නොගැලපීමක්, ව්‍යාකරණ දෝෂයක් හෝ සොයා පෙන්න්වන ලෙසටද අභියෝග කර තියෙනවා. එවක සිටි අති දක්ෂ කවිකාරයන්ට කල මේ අභියෝගය අද අප ඉදිරියේත් පවතී.
- නුතනයේ අරාබි සාහිත්‍යයේ විශිෂ්ඨම ග්‍රන්ථය ලෙස සලකනු ලබන්නේද එතුමා ගෙනා මෙම ග්‍රන්ථය බව සමහර විට ඔබ නොදන්නවා ඇති. නමුත් සත්‍යය එයයි.
- ඔහු තමාගේ ග්‍රන්ථයෙන් කියා සිටිනවා එම ග්‍රන්ථය ලොව අවසන් වෙනතුරු කිසිදු අයුරකින් වෙනසකට හෝ විනාශයට ලක් නොවී ආරක්ෂා වන බව.
- වසර 1400 කට පෙර කිවූ එම කියමන සත්‍යය කරමින් අදටත් එම ග්‍රන්ථයේ එකම එක අකුරකුදු තිතකුදු වෙනසක් නොවී පැවතීම කෙතරම් භාග්‍යයක්ද.
- අදටත් ලොවේ සෑම මොහොතකම ලොවේ කොතැනක හෝ මෙම ග්‍රන්ථය මිනිසුන් විසින් පරායනය කරමින් පවතින බවද සත්‍යයකි.
- මෙතුමා ගෙනා මෙම ග්‍රන්ථය අද ලොවෙහි 1/4 ක් තරම් වූ ජනතාවකගේ මහත් භක්තියදරයටත් ගෞරවයටත් පාත්‍ර වී ඇත.
- එහි තිබෙන භාෂා විලාශයද, උච්චාරණ ශෛලයයද, කුඩා දරුවෙකුට පවා කියවා තේරුම් ගෙන මතක තබා ගැනීමේ පහසුකමද, කියවිමේදීත් ඇසිමේදීත් මහත් රුචියක් ගෙනදීමේ ස්වර රටාවද විශ්මය ජනකය.
- ඔහු ගෙනා ග්‍රන්ථය මෙලොව බිහිවූ විශිෂ්ටතම ප්‍රතිහර්යයයි. ඉදිරියේදී ඒ බව ඔබට ඔප්පු වෙයි කියා මම විශ්වාස කරනවා .
- තම ජිවිතයේ කිසිම දවසක සාගර තරණයක නොයෙදුණු මෙතුමා සාගර විද්‍යාව ගැන කතා කළහ. මහා සාගරයේ ගැඹුරු පතුලේ තත්වය ගැන තොරතුරු කියන්නට විය. ලවණ සාන්ද්‍රනයන්ගේ සුවිශේෂී තත්වයන් ගැන කියන්නට විය.
- වැලි කාන්තාරයේ ජල හිඟයෙන් උපරිම පිඩාවෙන් පසුවූ තුමා ජල විද්‍යාව ගැන ප්‍රකාශ කරන්නට විය. ජල චක්‍රය ගැන කියන්නට විය. වැසි ජලයේ වේගය ද ජල බිංදු වල ප්‍රමාණයන් ගැනද එහි නොපෙනෙන විද්‍යාත්මක තතුද මෙතුමා හෙළි කරන්නට විය.
- නුතන විද්‍යාත්මක උපකරණ වන හර්බල්, ජේම්ස් වෙබ් ටෙලෙස්කොප් වැනි දුරේක්ෂ ආධාරයෙන් ද චන්ද්‍රිකා හා පරිගණක තාක්ෂණයේ ආධාරවලින් ද හෙළි කෙරුණු විශ්වය බිහිවීම ගැනද, විශ්වයේ ප්‍රසරණයද සෞරග්‍රහ මණ්ඩලයේ ගමන් මග පිළිබඳවද, සුර්ර්යයාගේ චලනද, සුර්ර්යයගේද වෙනත් තාරකාවලද චන්ද්‍රයාගේ භෞතික තත්වයන් ගැනද අහස් ස්ථර පිළිබඳවද, එනම් ආකාශ විද්‍යාවට/ තාරකා විද්‍යාවට අදාල තොරතුරු එතුමා තම ග්‍රන්ථයෙන් කියා තිබීම ද විශ්මයජනක නොවේද?
- පෘථිවියෙහි හැඩය ගැනද, දිවා රාත්‍රී ඇතිවීමේ විද්‍යාත්මක ස්වභාවයද, පොලොව නොසෙල්වී පැවතීම සදහා කඳු පොලොව තුලට කිඳා බැස ගත් කුන්ඥ ලෙස පවතින බවද, වැසි ජලය පොලොව තුලට උරා උල්පත් බිහිවන බවද (එනම් භූගත ජලය පිළිබඳව), පොළොවේ පහත්ම භූමියක සිදුවන (පසුව සිදු වුන) අනාවැකි ගැනද වශයෙන් භූගෝල විද්‍යාවට අදාල කරුණු ගැනද එතුමා කියන්නට විය.
- ලාමර්ක්, චාර්ල්ස් ඩාවින් වැනි මහා උගතුන් විසින් මිනිසාගේ ආරම්භය සහ පරිණාමය ගැන ඉදිරිපත්කර තිබු පරිණාම වාදයන් අද නුතන විද්‍යාව හමුවේ බිඳී සුනු විසුනු වී යද්දී මොහම්මද් නබි (ﷺ) තුමා ඒ පිළිබඳව වසර 1400 කට පෙර කියා තිබුණු කරුණු දැන් සත්‍ය වෙමින් පවතින බවද ඔබ සමහර විට නොදන්නවා විය හැක.
- පිහිය කතුර ඉඳිකටුව වැනි ප්‍රාථමික විද්‍යා උපකරණ පමණක් තිබුණු එම යුගයේ, කිසිදු වෛද්‍යමය ශිල්පයක් නොහදාරා සිටි එතුමා කළල විද්‍යාවට අදාල කරුණුත් ජාන තාක්ෂණ විද්‍යාට අදාල කරුණුත් ප්‍රකාශ කරන්නට විය. එතුමා එදා කි ඒ කළල අවස්ථාවන්ද, ස්වභාවයන්ද, කළලයන්හි හැඩයන්ද අද නුතන විද්‍යාවෙන් සත්‍ය බවට තහවුරු වෙමින් පැවතීම පුදුම සහගත නොවන්නේද?
- ඇඟිලි සලකුණු වල ඇති විශේෂත්වය ගැනද සංවේදී සමෙහි විද්‍යාත්මක තොරතුරුද, ජීවී සෛලයන්ගේ සංයුතිය ගැනද, කථා කරන ඔහු ජීව විද්‍යාවේ නිපුන වෛද්‍ය වරයෙක් නොවන බවද සිහිපත් කරගන්න.
- පරමාණුවේ කුඩා අවස්ථාව ගැනද මතක් කරන ඔහු රසායන විද්‍යාවද අමතක කර නැත.
- බිජ වල ස්වභාවයන් ගැනද ඒවායේ ස්ත්‍රී පුරුෂ භාවයන් ගැනද සිහිගන්වමින් උද්බිද විද්‍යා ක්‍ෂේත්‍රයෙන්ද ඉතාම සියුම් දේ ඉස්මතු කර පෙන්වයි.
- මි පැණිවල ගුණය ගැනද මි මැස්සාගේ උදරය තුල සිදුවන ක්‍රියාව ගැනද, මි මැස්සාගේ ලිංගය නිර්ණය කිරීමද, වස්සාගෙන් ලැබෙන කිරි, එය ඉකුත් වෙන ස්ථානය ගැනද, ඌරු මාංශයේ නුසුදුසුකමද, ආදී වශයෙන් උදාහරණ ගෙන ඉදිරිපත්කල සත්ව විද්‍යාත්මක කරුණු ගැනද නුතන විද්වතුන් තමන්ගේ විශ්මය පළකරයි.
- අසල සිටි මිනිසුන්ගේ අභියෝගයක් වෙනුවෙන් චන්ද්‍රයා දෙපලු කර පෙන්වීම. එන්ම ප්‍රාතිහාර්ය පෙන්වීම.
- සාමාන්‍ය ජනයාට නොපෙනෙන ද නොඇසෙන දේවල්ද එතුමා ග්‍රහණය කර ගැනීම.
- එක රැයක් තුල එතුමා දේව දුතයෙකු (ජිබ්රිල් නම් මලායිකා වරයා) සමග අහසෙහි (ස්වර්ගයෙහි) චාරිකාවක යෙදින.
- ආහාර බදුන් වල අභිවෘධිය ඇති කිරීම.
- වෙනත් අයගේ රහස් දැනගැනීම, අනාවැකි පළකිරීම.
- බෙහෙත් වලින් තොරව ඇතැම් රෝගීන්ව සුවකිරීම.
එතුමා අපි මෙන්ම පොළොවේ පයගහල කළා බිලා කතාකරල, ඇවිදලා, විවාහ වෙලා, දරුමල්ලෝ හදල, වයසට යමින් අපි මෙන්ම අසනීප වලටද මුහුණදි, අවසානයේ හුස්ම ටික ශරීරයෙන් පිටවෙලා මිය ගිය මනුෂ්‍යයෙකි.
නමුත්, ඉහත සඳහන් බෝහෝ කරුණු වලින් ඔප්පු වෙනවා එතුමා සාමාන්‍ය මනුෂ්‍ය බුද්ධියට එහා ගොස් එම කරුණු පැවසු බව. එනම් මනුෂ්‍යයෙකුට කිසිම විටක කිව නොහැකිද කළ නොහැකිද දේවල් එතුමා කියල, කරලා තියෙනවා.
ඉහත සඳහන් බෝහෝ කරුණු වලින් ඔප්පු වෙනවා එතුමාට කව්රු හෝ මග පෙන්වීමක් කර දී තිබෙනවා යන්න. මොකද මේ සියල්ල වසර 23කදී සිදු වූ දේවල්ය.
කිසිම මනුෂ්‍යයෙක් නොදන්නා දේවල් එතුමා පවසා තියෙන නිසා එතුමාට මනුෂ්‍යයෙක් ගෙන් උපදෙස් ලැබුණා වෙන්නට බැහැ.
විශ්වයේත් එතුල පවතින දේවල් වලත් නිර්මාණාත්මක අදියරයන්වල සහ ඒවායේ ක්‍රියාත්මක තත්වයන්ගේ ඇති විශ්මිත කරුණු පවසා ඇති නිසා එතුමාට ඒ පිළිබඳව කරුණු ලැබෙන්නත් ඕනි විශ්වයේත් එහි සියල්ලේත් නිර්මාතෘගෙන්ම විය යුතුය.
යම් අවස්ථාවල පමණක් එතුමා විවිධ ප්‍රාතිහාර්ය පෙන්වා ඇති නිසා එම බලයද එම අවස්ථාවලට පමණක් එතුමා වෙත ලැබී තිබිය යුතුය. එනම් එය එතුමාගේ පුද්ගලික හැකියාවන් නොවන බව පැහැදිලිය.
එතුමාගේ ග්‍රන්ථයෙහි අබමල් රේණුවක වරදක් අදටත් සොයාගන්නට නොහැකි නිසාත්, සෑම විෂයක් ගැනම ඉතා ගැඹුරු විශ්මිත කාරණා පෙන්වාදී තිබෙන නිසාත් එතුමාට උපදෙස් ලැබී තිබිය යුත්තේ සියල්ල දත් කෙනෙකුගෙන් විය යුතුය. ඔහුගේම වචන වලින් මෙයට පිළිතුර ඔහු අපවෙත දී තිබෙනවා.
(2) එතුමා එම ග්‍රන්ථය තුලින් නුතන විද්යාඥයන් පවා මවිත කරවන විද්‍යාත්මක තතු හෙළි කළේය.
වැලි කාන්තාරයේ තිරිසනුන් ම්ලේච්චයන් මෙන් නුගත් කමේ ඉහලින්ම සිටි, ලොවත් සමග කිසිදු සම්බන්දතාවයක් නොපවත්වා හුදකලාවේ රජයමින් සිට වෙළදාමට තවලම් සදහා පමණක් (ඔටුවන්, බූරුවන් පිට නැග) සංචාර වල යෙදෙමින් සිටි තම අසල්වාසීන් සමග සිටි මෙතුමා තම ග්‍රන්ථය තුලින් කතා කල විෂයයන් මොනවද කියල ටිකක් හොයල බලමු.
වසර 1400 කට පෙර කිසිදු මනුෂ්‍ය බුද්ධියකින් කිව නොහැකි (නුතන විද්‍යාවෙන් 100% ම සත්‍ය බවට තහවුරු වුනු) කරුණු රාශියත් ඇතත් ලිපිය දිග වැඩිවන නිසා ඒ පිළිබඳව සඳහන් කිරීම මෙතනින් නතර කරමි.
3) ලෝක ඉතිහාසය ගැන එතුමා තතු හෙළි කළේය.
ජේසු (ඊසා අ.ස) ගැනද, එතුමාගේ මව මරියම් (අ.ස) ගැනද, මොසෙස් (මුසා අ.ස) තුමා ගැනද, ඉබ්‍රාහිම්(අ.ස) ගැනද, එතනිනුත් එහාට ගොස් පළමු මිනිසා වන ආදම්(අ.ස) ගැනද ඒ අතර තුල විසු බොහෝ සුවිසේෂි පුද්ගලයන්ගේ තොරතුරුද ඉදිරිපත් කරන්නට විය. කිතුනුවන් ළඟද යුදෙව්වන් ළඟද තියෙන ධර්ම පුස්තකවල සදහන් රහසිගතව සඟවා තබා ගත් ඉතිහාසයේ තොරතුරුද කිසිම කෙනෙකු නොදත් ඉතිහාසයේ තොරතුරුද එතුමා හෙළිකරන්නට විය. කිසිවෙකු නොදැන සිටි ඉතිහයසේ තොරතුරු ගැන මෙතුමා කි කතා නුතන විද්‍යාවෙන් තහවුරු කරගත් අවස්ථා කිහිපයක්ම ඇත. අද නුතන යුගයේ පර්යේෂකයන් කැනීම් වලින් සොයාගෙන තහවුරු කරගත් වසර දහස් ගණන් ඉපැරණි තොරතුරු එතුමා කෙසේ නම් කීවාද යන්න ඔබට ගැටළුවක් නොවේද? ඒ අතර මිසරයේ සැගව ගොස් තිබු මමි ගැනද, වසර දහස් ගණනකට පෙර විනාශ වී ගොස් සැගව ගිය නගරයන් පිළිබදවද එම නගර වල විසු මිනිසුන් මුහුණ පෑ විනාශයන් ගේ ස්වභාවයන් ගැනද, ලොව ප්‍රකට මහා ජල ගැල්ම ගැනද, මළ මුහුදේ ඉතිහාසය ගැනද මෙතුමා ප්‍රකාශ කල තොරතුරු කිසිවක් අඩුපාඩු සහිතද වරද සහිතද ඒවා නොවීම පුදුම සහගත නොවන්නේද? අමතක කරන්න එපා එතුමා වෙළදාමට ඔටුවන් බුරුවන් පිට කෙටි සංචාරවල පමණක් යෙදී සිටිය කෙනෙකු බව.
බොහෝ පුද්ගලයන් ගේ ආගමික සහ චර්යාමය ඉතිහාසයන් ගැන එතුමා කෙසේ ප්‍රකාශ කලාද යන්න ඔබට ප්‍රශ්නයක් නොවේද? එවක තිබු සන්නිවේදන සහ ප්‍රවාහන පහසුකම්වල තත්වය ගැන ඔබටද වටහා ගත හැකි යැයි සිතමි. එතුමාට අකුරු ලියන්නටද කියවන්නටද බැරි කමක් තිබුණු බව මම යලිත් සිහිපත් කරන්නේ පොත පතින් ලත් දැනුමෙන් එය කියන්නට ඇති කියන සැකය ඔබට එයි කියල සිතුන නිසයි. එතුමා කී කිසිවක් නුතන විද්‍යාවේ නිපුනයන්ටද බොරු කල නොහැකිව තියෙන බවද සත්‍යයකි.
4) නීතිය ගැන එතුමා කරුණු ප්‍රකාශ කරන්නට පටන් ගත්ත වගේම. නීතියක් ස්ථාපිත කළේය.
නීති විද්‍යාලයකට තියා ප්‍රාථමික පාසලකටවත් පය නොතියපු එතුමා ගෙනහැර පෑ නීතින්, එදා මෙන්ම අද සිටින මුස්ලිම් සමාජයමද කිසිඳු තර්කයකින්, තරාතිරමකින්, උස්-පහත් භේදයකින් තොරව 100%ක් ම පිළිගනිමින් සිටිනු ඔබටද දැකබලා ගත හැක. වසර 1000කට පෙර හෝ අද හෝ විය හැක; ඔහු රටක ජනාධිපති වරයෙකු හෝ මි හරක් බලාගන්න කෙනෙකු උවත් වෙනසක් නැතුව එම නීති එකහෙලා පිළිගනී. අප "ඉස්ලාම් නීතිය" යනුවෙන් අද හදුන්වන්නේ එයයි.
5) ධර්මයක් ප්‍රකාශ කරන්නට පටන් ගැනිණි. ජනයා ඒ වෙත කැදවන්නට ද විය.
වසර 40 ක් වෙනතෙක් කිසිදු පිළිමයකටද කිසිදු මනුෂ්‍යයෙකුටද වැද නොවැටුණු, හුදෙකලාවේ සත්‍යයේ ආලෝකය කුමක්දැයි සිතමින්ද අපේක්ෂා කරමින්ද හිටියා මිස කිසිඳු දහමක් ගැන වචනයක් හෝ නොදොඩා සිටි මෙතුමා හදිසියේ ජනයාට ධර්මයක් ප්‍රකාශ කරන්නටද ජනයාව ඒ වෙත කැඳවන්නටද පටන් ගැනුනි. අප අසා ඇති ආකාරයට බුදුදහමේ සදහන් සිදුහත් කුමරා කුඩා කළ සිටම අදියරෙන් අදියර ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන්ම අධ්‍යාපනය හැදෑරීය. පසුව එතුමා ස්ව උත්සාහයෙන් අධ්‍යනයක යෙදිලා තමයි එතුමා දෙසු ධර්මය සොයා ගත්තේ. නමුත් මොහම්මද් (ﷺ) තුමා ගේ තත්වය ඊට ඉදුරාම වෙනස්ය. එතුමා තුලින් ප්‍රකාශ වුනු කරුණු සම්බන්ධයෙන් එතුමා කිසිඳු අද්‍යනයක යෙදුනේ නැත.
6) හොඳ නරක පිළිබඳව උපදෙස් දෙන්නට ආරම්භ කෙරිණි.
පණපිටින් කුඩා ගැහැණු දරුවන්ව වළලන යුගයක, ගස් ගල් වලට රූප වලට පිළිම වලට වැඳ වැටෙන වටපිටාවක , මංකොල්ලය දුෂණය අපචාරය සොරකම අවිහිංසාවෙන් වහල් භාවයෙන් ජනතාව පීඩනයකට ලක්කරමින් සිටි වටපිටාවක ජිවත් වූ එතුමා, යහපත අයහපතින් වෙන්කර දක්වන මහා යුග පුරුෂයෙකුගේ ලක්ෂණ පෙන්නවන්නට පටන් ගැනිණි.
7) දක්ෂ කථිකයෙකුගේ ලක්ෂණ පෙන්වන්නට පටන් ගැනුනි
කිසිම දිනක මහජනයා අමතා කතාවක් නොකළ එතුමා පහත සදහන් මාතෘකා යටතේ සුවිශේෂී කථනයන් පෙන්වන්නට විය ඒවා නම් ,
දෙවියන් ගැන, අපට නොපෙනෙන දේවල් ගැන (මලායිකාවරුන් හෙවත් දෙවියන්ගේ දුතවරුන් කොටසක් සහ ජින් හෙවත් යක්ෂයන් ගැන), මෙලොව හා පරලොව ගැන, ස්වර්ගය හා අපාය ගැන, මරණින් මතු ජීවිතය ගැන, දේව පණිවිඩ ගැන, සදාචාරය ගැන, නීතිය ගැන, දේශපාලනය ගැන, සමාජ විද්‍යාව ගැන, ආගම ධර්මය ගැන, ඉතිහාසය ගැන, අනාගතය ගැන, පෙරනිමිති, විද්‍යාත්මක තොරතුරු ගැන, ලෝක විනාශයක් ගැන හා තව බොහෝ මාතෘකා යටතේ සුවිශේෂී කථනයන් පෙන්වන්නට විය.
8) එකම ධජයක් යටතට ජනතාව පෙලගස්සන්නට විය
එතුමා ජිවත් වූ මක්කා නම් නගරයේ පිහිටා ඇති නැමදුම් මද්‍යස්ථානය (කාබතුල්ලාහ්ව) ඇතුලෙම විවිද පිළිම සහ එවැනි දේවල් 350ක් පමණ තිබුණු යුගයක, විකාර රූපි පිළිම වලට පවා නැමදමින් නොමගෙහි අනන්තයටම ගිය එසේම මහත් මුරන්ඩුද, අකිකරුද, මහන්ත්ත්වයෙන් පිබ්මිලාද, අහංකාරකමින් අන්ද වෙලාද සිටි විවිධ ගෝත්‍රිකයන් විශාල ගණනක් එකම ධජයක් යටතට ගෙන ඒමට මෙතුමාට හැකියාව ලැබුණි. මේ සත්‍යය ඉතිහාසයන් මිස අතිශෝක්තිය නොවන බව සිහි තබා ගන්න. වර්ග සැතපුම් 12,000ක් පමණ වන කාන්තාර පරිසරයේ නොදියුණු සනිවේදන පහසුකම් තත්වයක් යටතේ වසර 23ක තරම් කාලයකදී මෙතුමා එය කෙසේ කලේදැයි ඔබට හිතා ගත හැකිද? එකිනෙකාට වෙනස් අදහස් දරන වෙනස් ආගම් සහිත වෙන වෙන දෙවිවරු යැයි කියන දේ අදහන කණ්ඩායම් දෙකක් එකතු කරන එක පහසු වැඩක් ද? එතුමා එවැනි ගෝත්‍ර කිහියක් නම් එසේ එකතු කලාද කියා වැඩිදුර අධ්‍යනයක යෙදුනොත් ඔබටත් දැනගත හැක. අද ලොව පුරා ජනයා එක්රොක් වී සිටින්නේ එතුමා එදා ගොඩනැගූ 'ලා-ඉලාහ-ඉල්ලල්ලාහ්,-මෝහමදුර්-රසූලුල්ලාහ්' යන "කලිමාව" සහිත ධජය යටතෙහිය . එම ධජය යටතේ එකම නීතියක්, එකම ශිෂ්ටාචාරයක්, එකම ආගමක්, එකම සංස්කෘතියක්, එකම ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කලා පමණක් නොව, එය ලොව පුරා ව්‍යාප්ත කිරීමටද යුහුසුළු විය.
9) එතුමා සමාජ සංශෝධකයෙක් ලෙස ක්‍රියාත්මක විය.
අශිෂ්ටයන් ශිෂ්ටයන් බවටද, ම්ලේච්චයන් සභ්‍යයන් බවටද, අන්ද භක්තිකයන් සෘජු මාර්ගයටද, වැරදි කරන්නන්ද-දුසිරිත් පිළිපදින්නන්ද පවිත්‍ර ගුණ පෙන්න්වන්නන් බවටද යුක්තිය හා නිතිය නොදැන සිටි අයව යුක්ති ගරුකයන්, නීති ගරුකයන් බවටද පත් කිරීමට එතුමාට හැකි විය. අසාධාරණයට ලක් වුවන්ට සාධාරණය ළගා කර දුන්හ. එතුමා ජනාධිපති තනතුර දැරූ නමුත්, අද සිටින ජනාධිපතිවරුමෙන් නොව, එතුමා හැම අතින්ම අවංක ලෙස සිටීහ.
10) එතුමා අවිහින්සාවේ ආදර්ශය විය
එතුමා ඉහත සියල්ල කලේ හිංසාවෙන් නොව. අප සමාජය තුල පමණක් නොව ලොව මහා බලවතුන් අතරද එතුමා ගැන උවමනාවෙන්ම සත්‍ය තොරතුරු සගවනවා පමණක් නොව, වැරදි ප්‍රතිරූපයක් මවා මහජනයාව නොමග යවන පිරිසක් ඉන්න බවද මෙහිදී නොකියාම බැහැ. කටවචන වලින් නොව පොත් පත් වලින්ද එතුමා ගැන අමු අමුවේ බොරු ලියා තිබෙන බව අපට දැකිය හැක. (සමහරු ආගම තම ව්‍යාපාරය කරගෙන එය රැකගන්න නොකරන දෙයක් නැහැ).
හුදෙකලාවේ තමාගේ වැඩක් බලාගෙන හිටපු එතුමා වටා මෙතරම් ජනතාවක් රොක් උනේ එතුමා තුලින් ඉස්මතු වූ මහත්මා ගුණයන් නිසාය. එතුමාගේ චරිතය සම්බන්ධ කරගෙන ලියවී ඇති සත්‍ය කරුණු ඇතුලත් පොත් (හදිස් ලෙස හඳුන්වන පොත්) ඔබත් කියවා බැලුවොත් ඔබත් එතුමාට බොහෝ සේ ආදරය කරනු නොඅනුමානය. මෙතරම් විප්ලවයක් කරන විට එතුමා ජනයා අතරම සාමාන්‍ය කෙනෙකු සේම හැසුරුණු අතර කිසි දිනක එතුමා කිසිවෙක්ව තම ජිවිත ආරක්ෂකින් ලෙස යොදාගත්තේද නැත.
11) යුධ පිටියේදී එතුමා සෙන්පතියෙකු විය. රාජ්‍ය නායකත්වය, ජනාධිතිධූරය දැරිය (නමුත් එය සුවිසේශී නායකත්වයකි).
එතුමාගේ නව නීති රීති සහ යහපත් ක්‍රියා කලාපය නිසා තම වාසී අහිමි කිරීමට පැමිණි මාරයෙකු ලෙස එතුමාව දුටු අසාධාරණයේ, අයුක්තියේ රජයමින් සිටි පිරිසක් එම සමාජයේත් සිටියේය. එතුමා ප්‍රකාශයට පත්කරන දහම වෙතට මහජනයාව කැඳවන විට එවක සිටි අනිකුත් ආගමික නායකයන්ට මහත් ගැටළුවක් විය. මෙතුමාගේ මෙම ක්‍රියාකලාපය නතර කිරීමට ඔවුන් නොගත් උත්සහයක් නැත. (මේ ආකාර තත්ත්ව අදත් ලොව තුල ක්‍රියාත්මක වෙමින් පවතී). එතුමාට නොයෙක් හිංසා පීඩා සිදු කලේය. තම උපන් ගමෙන්ද පිටවීමට එතුමාටත් එතුමා අනුගමනය කළ අයටත් සිදු විය. යුධමය වශයෙන්ද එතුමාව විනාශ කිරීමට ඔවුන් පැමිණීහ. ඔහු කඩුව අතට ගත්තේ එනිසයි. කිසිම යුධ පුහුණුවක් හෝ දැනුමක් නොමැති එතුමා තම සතුරන්ට එරෙහිව මහා සෙන්පතියෙකුගේ ලක්ෂණ පෙන්වන්නට විය. අවසානයේ යුධමය වශයෙන්ද එතුමාව පරාජය කිරීමට කිසිවෙකුට පුළුවන් කමක් නොවිය.
එතුමා නැවත තම උපන් ගමට පැමිණ අරාබිකරයේ රාජ්‍ය නායකත්වය ඉසිලිය. එහෙත් එතුමාගේ මුළු රජමාලිගාවම ඔබේ කුඩා නිදන කාමරයකට වඩා ලොකු කරගන්නට හෝ, බුමුතුරුණු වලින් සරසා ගන්නට හෝ එතුමා මැලි විය. ජනයා අතරට ගියවිට පිටස්තරයෙකුට ඔහුව හඳුනාගත හැක්කේ කාගෙන් හරි ඇසීමෙන් මිස වෙන ක්‍රමයකින් නොව. හේතුව නම් එතුමා උස පුටුද, විශේෂ ඇදුම්ද ප්‍රතික්ෂේප කළහ. එතුමා සභාවකට එනවිට කිසිවෙකු නැගිට ආචාර කරනවාට පවා එතුමා විරුද්ධ විය.
එතුමා තම ධනය අවසන් වනතුරු වියදම් කලේ මහජනයා වෙනුවෙනි. රාජ්‍ය නායකයා ලෙසින්ම එතුමා මියයන විට එතුමාගේ යුධ කබාය පවා උකසට තබා තිබුණි. රාජ්‍ය භාණ්ඩාගාරයේ කිසිවක් ලබාගැනීම එතුමා තම පව්ලේ උදවියට තහනම් කෙරින. (සමහර රාජ්‍ය නායකයන් මියයන විට ඔවුන් තමන්ගේ දරුමුණුපුරන්ට වෙන රටවල ඉඩම් ගෙවල් දොරවල් අරන් තම රට උකස් කරලයි යන්නේ. පහුගිය කාලේ අපේ රටට උනෙත් එයම නොවෙද?)
12) එතුමා එවක සිටි ජනතාවට සමහර ප්‍රාතිහාර පෙන්වීම
මෙම කරුණු ඔබ එකවරම විශ්වාස නොකරන්නට පුළුවන්, නමුත් පසුව ඔබට වැටහෙයි. එතුමාගේ විශිෂ්ඨතම සහ ඔබටද දැකබලාගත හැකි ප්‍රාතිහාර්ය නම් එතුමා ප්‍රකාශ කල ග්‍රන්ථය හෙවත් "ශුද්ධ වූ අල් කුරානය"යි. එම ප්‍රාතිහාර්යය ඔබ කියවා තේරුම් ගත්තොත් පහත සදහන් ප්‍රාතිහාර්යයන්ද ඔබ පිළිගනු නොඅනුමනයි.
ලිපිය දිග වැඩි වෙන නිසා කෙටි කරන්න අදහස් කරමි.
එතුමා විවිධ පැතිකඩවලින් ශ්‍රේෂ්ටත්වයන් පෙන්නවන්නට විය. වෙනත් ඕනෑම පුද්ගලයෙකු ගෙන බලන්න. ඔහු මෙතුමා තරම් හැම අංශයකින්ම විස්කම් පෙන්නුම් කර තිබේද කියල.
මේ සුවිශේෂී කාරණාවලට අනුව ඇත්තටම මෙතුමා කව්ද? මෙතුමා මනුෂ්‍යයයෙක්ද, දෙවි කෙනෙක්ද, භූතයෙක්ද, හුනියන් කාරයෙක්ද, බුදු කෙනෙක්ද, මැජික් කාරයෙක්ද, අමනුෂ්‍යයෙක්ද, දෙවියන්ගේ පුතෙක්ද?
"මුළු මහත් විශ්වයම මවා, පාලනය කරමින්ද පෝෂණය කරමින්ද සිටින විශ්වයේ මහා අධිපති වන එකම දෙවියන් හෙවත් 'අල්ලාහ්' විසින් 'ජිබ්රිල්' (අලෙය්) නමැති දේව ධුතවරයා හරහා සහ වෙනත් මාර්ගයන්ගෙන්ද තමාවෙත ලැබුණු දේව පණිවිඩ හෙවත් 'වහි' වලට අනුව තමා සියල්ල කළ බවත් කි බවත්, සහ තමාගේ සිතැඟියාවට අනුව කිසිවක් තමා නොකිරීමට වගබලාගත් බවත්, තමාට පෙරත් විවිධ ජන කොටස් වලට මිනිසුන් අතරින්ම තෝරාගෙන නබිත්වය හෙවත් දේව දුතත්වය ලැබුණු පුද්ගලයන් ලොවට පැමිණ ඇති බවත් තමාට පසු ලොව අවසන් වනාතුරාවටම වලංගු වනසේ අවසන් නබිවරයා වශයෙන් තමාව තෝරාගෙන සිටි බවත්, තමාට ලැබුණු දේව පණිවිඩ ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම සහ ක්‍රියාවට නැංවීම පමණක් තමා වෙත පැවරුණු රාජකාරිය බවත් එතුමා නිහතමානිව කියා ඇත".
අනුන් කරපු වැඩවල ලකුණුත් තමාට දාගන්න තත්වයක් අපි ලොවෙහි නිතර දකිද්දී මෙතුමා කළ කිසිවක් එතුමාගේ දස්කම් නොවන බව එතුමාම වනවා නම් ඔහු දේව දුතවරයෙක් බවට පිළිගැනීමට තව කුමන සාක්ෂිද අප සෙවිය යුත්තේ?
මෙයින් පැහැදිලි වන්නේ ඔහු දෙවියන්ගේ දුත වරයෙක් බව නොවේද? ලොව පළමු මිනිසාගේ සිට අද දක්වාම සිටි සෑම මනුෂ්‍ය සමුහයකටම දෙවියන් තම පණිවිඩය දුතවරුන් හරහා පහල කර තිබේ. ජේසු (ඊසා අලෙය්) තුමා මීට පෙර ආ දුත වරයයි. යහියා, සකරියා, යුනුස් ,අල්යසස, ඉල්යාස්, සුලේය්මන්, දාවුද්, සුල්කිෆ්ලි, හාරුන්, මුසා, අයුබ්, යුසුෆ්, යාකුබ්, ලුත්, ඉසමෛල්, ඉෂාක්, ඉබ්‍රාහිම්, සාලිහ්. හුද්, නුහ්. මේ සියල්ල නබිවරුන්ය.(මෙතුමන්ලා සියල්ලටම දෙවියන්ගෙන් සාමය හා ශාන්තිය ලැබේවා!) මෙලෙස මෙලොවට පහල වූ නබි/දුතවරුන් ගැන අවසන් දුතවරයාගේ ග්‍රන්ථයෙන් කරුණු සිහිපත් කරයි. මීට පෙර සිටි සහ ඔවුන් ඉදිරිපත් කළ ග්‍රන්ථවලින් අවසන් නබිවරයා ගැන කියා ඇත. ඔහුගේ නමද ලක්ෂණද, පැමිණෙන ප්‍රදේශ ගැනද කියා ඇත.
මහජනයාට දෙවියන්ගේ පණිවිඩය ලබා දීමට තව නම් නොකී විශාල සංක්‍යාවක් ඒවා ඇති බවද සදහන් වේ. දෙවියන් පළමු මිනිසාගේ සිට ලොව අවසන් මිනිසා දක්වා ඉපදෙන සෑම ජනකොටසක්ම අත නොහැර "නැමදීමට සුදුස්සා අල්ලාහ් පමණක්ම බවත් ඔහු හැර වෙන කිසිදු දෙවියෙක් නැති බවත්' මතක්කරදී ඇත. ඔබත් මහා දෙවියෙක් ඉන්න බව පිලිගන්නවට කිසිදු සැකයක් නැහැ. ඔහු අල්ලාහ් බව, මොහම්මද් (ﷺ) තුමා මෙම සමාජයේ දුතවරයා වශයෙන් පැමිණ ප්‍රකාශකර තියෙනවා. අල්ලාහ් ශ්‍රේෂ්ඨ බවත් නැමදීමට සුදුස්සා අල්ලාහ් පමණක්ම බවත් ඔහු හැර වෙන කිසිදු දෙවියෙක් නැති බවත් ඔබට දන්නේ නැහැ කියන්න බැහැ.
ඔබ මියගිය පසුව අල්ලාහ් නැවත ඔබවත් මාවත් උපන් සියලු දෙනාවත් මතු ඉපදී මියයන සියල්ලවත් යම් දිනක නැවත කැඳවා ඔබ මම අපි සියල්ල තනි තනි වශයෙන් මෙලොව ජිවත්වූ ආකාරය පිළිබඳව ප්‍රශ්න කරනු ලබයි. එයට විනිශ්චය දිනය යැයි කියනු ලැබේ.
දෙවියන්ගේ පණිවිඩය ඔබට ලැබුනේ නැහැ කියන්න බැහැ. "ශුද්ධ වූ කුරාන් " ලෙස මොහම්මද් (ﷺ) තුමා කියා පෑවේ එම පණිවිඩයයි. එහි පරිවර්තන අද ඕනිම කෙනෙකුට පහසුවෙන්න්ම සොයාගත හැක. මෙලොව ජීවිතයේදී එය කියවන්න වෙලාවක් තිබුනේ නැහැ කියන්න බැහැ. මොහම්මද් (ﷺ) තුමා ගැන හොයා බලන්නත් ඒ සදහා වෙලාවක් සහ පහසුකම් තිබුනේ නැහැ කියන්න බැහැ. තමාගේත් මේ විශ්වයේත් නිර්මාතෘ අල්ලාහ් බව තෙරුන් ගන්න තරම් කරුණු තිබුනේ නැහැ කියන්නත් බැහැ දැන් ඔබට.
කුරානය තුලින් අපට කතා කරන්නේ "අල්ලාහ්" හෙවත් "දෙවියන්" ම බව එය කියවූ කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙනු නොඅනුමානයි.
අල්ලාහ්ව අදුනගත් කිසිවෙක් මැරුවත් වෙන වෙන මිනිසුන් පස්සේ, වෙන වෙන මනංකල්පිත දෙවිගොල්ලෝ පස්සේ යන්නේ නැහැ. අල්ලාහ්ව අතහැර අපි වෙන වෙන ශාස්තෘවරුන්ව අනුගමනය කරලා ඔවුන් කි ලෙසින් යහපත් ලෙස ජිවත්උනා කියල නිදහසට කරුණු කියන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
ඔබ කොතරම් හොඳ වැඩ කලත් වැඩක් නැහැ ඔබේ නිර්මාතෘව ප්‍රතික්ෂේප කරනවානම්. පැහැදිලි කිරීමක් කරනවානම්, කොතරම් හොදට ඉගන ගත්තත්, කොතරම් හොඳ චරිතයක් තිබුනත්, කොතරම් වස්තුව තිබුනත්, කොතරම් හොද දරු මල්ලන් හිටියත් වැඩක් නෑ කවලා පෝෂණය කරලා උගන්නල ආරක්ෂා කරලා ලොකු මහත් කළ ඔබේ පුතා හෝ දුව දැන දැනම ඔබව මව හෝ පියා ලෙස පිළිගන්න එක ප්‍රතික්ෂේප කරලා වෙන වෙන අයට අම්ම තාත්තා කියනවනම්.
මෙලොවට අපි ආවේ අල්ලාහ් වෙතිනුයි, ඔහු වෙතින් ආ අපි නැවත ඔහු වෙතම යා යුතුවද ඇත. අපේ මෙලොව ජීවිතය පිළිබඳව ප්‍රශ්න කරන දවස ඉතාම දැඩි දවසක් බව අල්ලාහ්ම කුරානය තුලින් මොහම්මද් නබි (ﷺ) තුමා හරහා අපට පැහැදිලි සාක්ෂි සහිතව කියා ඇත. අපව මිහිමත උසස්ම ජීවී කොටස බවට පත් කර අහස වියනක් ලෙසද පොලොව යහනාවක් ලෙසද පත්කර, සියලු ආහාරද, වස්තුවද දරුවන්ද දී හොඳ නරක වෙන්කර දක්වන පුස්තකද, එය අනුගමනය කර ප්‍රායෝගිකව පෙන්වා දීමටත් පැහැදිලිකර දීමටත් නබිවරුන්වද පහළකර දී තියෙද්දිත්, ඔහුව විශ්වාස නොකර ඔහුගේ පුස්තක විශ්වාස නොකර, ඔහුගේ දුතවරයන් විශ්වාස නොකර, මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස නොකර, දෙවියන් හමුවට යන දවසක් විශ්වාස නොකර, ඔහුට කෘතගුණ නොකර, ඔහුව නමදින්නේ නැතිව අහංකාරව හිද, වෙන වෙන දේවල් වලට හිස පහත් කර, වෙන වෙන අයවද දේවල්ද ඔහුට සමාන කරමින් මෙලෝ ජීවිතය තුල අන්ධයන් ලෙස සිටි ජනතාවට දෙවියන්ගේ කෝපයේ ප්‍රතිපලත්, දෙවියන්ගේ තෘප්තිය දිනාගෙන ජිවත් වූ අයට සෞභාග්‍යය ත් හිමිවන බව පැවසීමට මුළු මහත් ලෝක වාසී ජනතාවටම පැමිණි අවසන් නබිවරයා මොහම්මද් (ﷺ) තුමයි.
නැවත නබිවරයෙක් එන්නේ නැත. එන්න අවශ්‍යද නැත. හේතුව නම් ඔහුගේ පණිවිඩය ලොව අවසන් වනතුරු සුරක්ෂිතයි. ලොව අවසන් වනතුරු එය බොරු කිරීමට කිසිවෙකුට නොහැකි බව දෙවියන්ම පවසා ඇත.
මොහම්මද් යන වචනයේ සිංහල අර්ථය පෙන්වා දී මෙම ලිපිය අවසන් කරන්නම්.
අරාබි බසින් 'හම්ද්' යනු 'මෛත්‍රී' කිරීම/කරනවා යන්නයි (එය ක්‍රියා පදයකි).
මු + හම්ද් = මොහම්මද් වී ඇත.
අරාබි ව්‍යාකරණය නීතියට අනුව ක්‍රියාවක් ඉදිරියට "මු" යෙදු විට, එම ක්‍රියාව > "ක්‍රියාව කරන්නා" බවට පත් වෙයි.
(කරන්නා+මෛත්‍රී) = (මෛත්‍රී කරන්නා) = (මොහම්මද්)=( මු +හම්ද් )
කිතුණුවන්, මතුවට පැමිණීමට නියමිත මෛත්‍රී කරන්නා (බයිබලයේ සොලමන් ගීතිකාවේ 5:16 හිබ්රූ භාෂාවෙන් හඳුන්වා දුන් "මොහමදීම්"ව අනුගමනය කරන ලෙස උපදෙස් දී ගිය ශාස්තෘ වරයාණන් හෙවත් ජේසු (ඊසා අ.ස) තුමාවම පමණක් විස්වාස කරමින් තවමත් එතනම රැදී සිටිනවා. එය නොමග යාමකි.
බොදුනුවන් මතු ඉපදෙන්නට ඉන්නවා කියන"මෛත්‍රී බුදුන්"එනතෙක් බලා සිටිනවා.
මුස්ලිම්වරුන් වසර 1400 කට පෙරම පැමිණ ලොවෙන් සමුගත් අවසන් ශාස්තෘවරයා හෙවත් මෛත්‍රී කරන්නා ("මොහම්මද්")ට නම ඇසුනත් එවලෙම "සල්ලල්ලාහුඅලෙහිවසල්ලම්" (ﷺ) කියා දෙවියන්ගේ ආශීර්වාදය හා ශාන්තිය ප්‍රර්ථනා කරනවා.
මුස්ලිම්වරුන් එතුමා කල මෙහෙය අගේ කරමින් එතුමාව සිහි වුන හෝ නම ඇසුණු වහාම ඔහු වෙනුවෙන් ප්‍රර්තනා කිරීමට මොහොතක්ද ප්‍රමාද නොවෙයි. එසේ කීමට හේතුව කුමක්ද කියා දැන් ඔබට වැටහෙනු ඇතයි සිතමි.
by sjw
SRMI center සාමාජික- නවක මුස්ලිම්වරයෙක්.
හදීස් (හෙවත් නබි තුමාගේ දිව්‍යමය ආදර්ශය) සම්බන්ධව
මොහම්මද් නබි (ﷺ) ගැන කුරානයෙහි සඳහන් වැකි
මුහම්මද් (ﷺ) තුමාණන්ගේ මිහ්රාජ් ගමන
මුහම්මද් ﷺ තුමාණන් කල අවසාන දේශනය
The Most Influential Man in History - Michael Hart
බෞද්ධ ග්රන්ථ වල සඳහන් මෛත්‍රේය නම් වූ සාශ්තෘන්.
ක්‍රිස්තියානි ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු (New Testament) )
යුදෙව් ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු
හින්දු ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු
මේ පිළිබඳව ඔබේ අදහස් අපට ලියන්න