ඔබේ මෙලොව සංචාරය !!!

ඔබේ මෙලොව සංචාරයේ අරමුණ සහ පරලොවෙහි ස්වභාවය කුමක්ද යන්න පිළිඹඳව ඔබට නියම වැටහීමක් නොමැතිව ඔබ දවසින් දවස ගෙවා දමන්නේ නම්, ඔබ ඔබ පිළිබඳවම පසුවට පසු තැවෙනු ඇත.

අපි මෙලොව ජිවිතයේ අරමුණු කොට සළකා සීමා මායම් දමාගෙන සිටින පහත කරුණු දෙස බලන්න.

  • නිවසක්, වාහනයක්, රැකියාවක්, හොද ආදායමක්, හොද දරු පව්ලක්, හොද මානසික සැනසිල්ලක්, හොඳ ජිවිතයක් ආදිය සළකා බලමු.

අපි හිතමු මේ සියල්ලම හොඳටම තිබුනා කියල. රටේ ජනාධිපතිකම ලැබුණා කියල හිතමු. එහෙමත් නැත්නම් පොහොසත් වියාපාරිකයෙක් උනා කියලා හිතමු.

එවිට අපි අපේ ජීවිතය ජය ගත්තා කියලා හිතන්න පුලුවන්ද? මේ සඳහා ද අපි මෙලොවට අපි පැමිණියේ ?

මෙයට වඩා ගැඹුරු අර්ථයක් තිබිය නොහැකිද?

පිළිතුර සෙවිය හැක්කේ විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් නොව. ආගම ධර්මය තුළිනුයි. නමුත් ආගම ධර්මය හරහා අපිට කියනදේ අන්ධ භක්තියෙන් පිලි නොගෙන ඒවා පිළිඹඳව යම් නිගමන වලට පැමිණීමට විද්‍යාව හා තාක්ෂනය උපයෝගී කරගත්තට වරදක් නැත යනුයි මගේ අදහස. එනිසා නව දැනුමත් විචාර බුද්ධියත් යොදවමින් අප අවට තියෙන ප්‍රධාන ආගම් වලින් මේ පිළිඹදව අපට කියන දේ පිළිබඳව විමසා බලමු.

ඉතාම සරලවම කියනවා නම් ඒ ඒ දහම් තුලින් අපට මෙවැනි අදහස් දී ඇත.

(මෙහි ආගම් පිළිබඳව යම් ආකාරයකට සංසන්දනාත්මක ස්වභාවයකින් කරුණු ඉදිරිපත් කිරීමක් තිබිය හැකි නිසා ලිපිය අවසන් වන තුරු නොකියවා අතරමගදී යෝජනා චෝදනා විවේචන ඉදිරිපත් නොකරන්න කියා මුලින්ම මතක් කරමි).

  • බුදු දහමට අනුව.

භව චක්‍රය තුල සංසාරේ යන දීර්ග ගමනේ මේ එක ජිවිතයක් පමණි. කරන හොද නරක අනුව සංසාරය කෙටි හෝ දිර්ග විය හැක. කැමති අයට උත්සහ ගත්තොත් දුක් සහිත මේ සසර ගමන ඉක්මනින්ම නිවනින් අවසන් කරගත හැක.

  • කිතු දහමට අනුව.

මේ ජීවිතය දෙවියන් අපට දුන් වරප්‍රසාදයකි. ජේසු තුමා මිනිසාගේ පව් වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන ලදී. එතුමාව පිළිගෙන මෙලොව ජිවත්වී මියගිය පසු ස්වර්ගයේ සිටින එතුමා වෙත යාමට අවස්ථාව ලැබෙනු ඇත. (ජේසු තුමා එසේ කිව්වා යැයි මා නොකියමි, නමුත් කිතුණුවන් එසේ කියයි)

  • ඉස්ලාම් දහමට අනුව.

දෙවියන් මිනිසාව නිර්මාණය කර පරීක්ෂණයක් සදහා මෙලොවෙහි ජිවත්වීමට අවස්ථාවක් දී ඇත. මරණින් පසු සියල්ලගේම ක්‍රියා කලාප සැලකිල්ලට ගෙන ඔවුන්ව ස්වර්ගය හෝ අපාය වෙත යොමු කෙරෙනු ඇත.  ඔවුන්  ඒවා තුල දෙවියන් කැමති තාක් කල් සිටී.

මේ කුමන කාරණයක් බැලුවත් පැහැදිලි වන්නේ මෙලොවට වඩා පරලොව තත්වය වැදගත් තැනක් ගන්න බවයි. කොටින්ම කියනවනම් මෙලොව ජිවිතයට තිබිය යුතු අරමුණ විය යුත්තේ පරලොව තමාට ලැබෙන තත්වය කුමක්ද යන්න පිලිබදව දැනගෙන ඒ අනුව ජිවත්වීම බව පැහැදිලියි.

බුදුන් වහන්සේගේද ජේසු [ඊසා අලෙයි] තුමාගේද මොහම්මද් නබි [සල්] තුමාගේද ඒකායන අරමුණ උනෙත් පරලොව තමාගේ තත්වය කුමක්ද යන්න මිස මෙලොව තත්වය නොව. ඉතින් එතුමන්ලාට ආදරය කරන, එතුමන්ලව විශ්වාස කරන, එතුමන්ලාගේ දහම් අනුගමනය කරන අපගේ මෙලොව ජිවිතයේ අරමුණ විය යුත්තේද එයම නොවේද? එනම් පරලොව තමාට ලැබෙන තත්වය කුමක්ද යන්න පිලිබදව දැනගෙන ඒ අනුව ජිවත් වීමට වෙර දැරීම නොවේද ?

නමුත් ඉහත පරලොව ස්වභාවයන් තුනම හරියන්න විධියකුත් නැහැ .

(වෙනත් විශ්වාස අපි මදකට පසෙකින් තබා අපිට පුරුදු ප්‍රධාන ආගම් තුන ගැන විතරක් මෙහිදී සළකා බලමු).

මෙයින් අපට පහත නිගමනවලට පැමිණිය හැක.

  • එකිනෙකට විරුද්ධ මත තුනක් නිසා ඒවා තුනම එකවර හරි යන්නට බැහැ.
  • දෙකක් හරි යන්නත් බැහැ
  • එක කොටසක් නිවැරදි නම් අනිකුත් කොටස් දෙක නොමග ගොස්ය.
  • එසේ නැත්නම් මේ කොටස් තුනම නොමගෙහිය

මෙය බැරෑරුම් තත්වයකි. එනිසා මෙලොව සංචාරයේ අරමුණ ගැන සොයා බැලීම ඉතාම වැදගත් බව පෙනෙයි.

කිසිවෙක් කියූ නිසා, අපේ වැඩිහිටියෝ හරිය කියල කිව්ව නීසා, පාසල් පොත් පත්වල සදහන් වෙලා තියෙන නිසා සොයන්නේ බලන්නේ නැතුව සිටීම අනුවන කමකි.

ගෙවල් දොරවල් යාන වාහන දරු මල්ලෝ සියල්ල දාල යන දේවල්. එනිසා ඒවා ගැන දක්වන උනන්දුවට වඩා අපි මරණින් පසු යාමට නියමිත තැන ගැන හරියට කරුණු සොයා බලා එයට කල්තියා සුදානම් වීම තමය් ණුවනට හුරු වන්නේ.

ඔබට විශ්වාස ඔබේ ආගමේ සදහන් දෙයයි. එය සාධාරනයි. නමුත් එය 100% නිවැරදියි කියා කීමට තරම් සාධක ඔබලග නැත්නම්, ඔබ වැරදියි කියල හිතන මාර්ගයක් හරි යාමේ අවස්ථාවක්ද තිබෙනවා නේද? 

පහත කරුණු දෙස විමසිල්ලෙන් බලන්න.

1) බුදු දහමට අනුව සංසාරේ සැරිසරන කතාව නිවැරදි නම් අනිකුත් මාර්ගවල සිටින අයද සංසාරයේ ගමන් කරාවි, සමහර විට ඊළඟ ආත්මයකදී ඔවුන් බුදු දහම පිළිගැනීමට ඉඩක් තිබිමටද පුළුවනි යැයි උපකල්පනය කල හැක. එනිසා තත්වය එතරම්ම ගැටළු සහගත නැහැ. පහු වෙලා හරි අවස්ථාව උදාවෙන්නට ඉඩ තියෙනවා. මොකද සංසාරේ ඉතාම දිගයි. අනික තව බුදුවරයෙකු පහල වෙන්නටත් කල් තියෙනවා.

2) කිතු දහමේ කතාව නිවැරදි නම් ජේසු (ඊසා අලෙයි) තුමාව විස්වාස කල හොද නරක සියල්ලම මරණින් මතු එතුමා වෙත අනිවාර්යයෙන්ම යන අතර අනිකුත් සියල්ල ස්වර්ගස්ථාන නොවනු ඇත. (මෙතැනදී මට මතුවන ගැටලුව නම් ස්වර්ගය ඉතාම සුකෝපභෝගී බව දන දැනත් ජේසු (ඊසා අලෙයි) තුමාව විස්වාස කරන අය පවුල් පිටින්ම හෝ තනි තනිවම සිය දිවි නසාගෙන හෝ එහෙ යන්නේ නැතුව තව දුරටත් මෙහෙ ඉන්නේ ඇයි කියලයි).

3) ඉස්ලාම් දහමේ කතාව සත්‍ය උනොත් දෙවියන්ව සහ ඔහුගේ දුතයන්වද පුස්තකද විශ්වාස කර හොද හෝ නරක කල සියල්ලට එම ක්‍රියාවන්ට සරිලන ප්‍රතිපල (වරප්‍රසාද  හෝ දඩුවම්) ලබාදී පසුව ස්වර්ග වලද තරාතිරම් වලට අනුව දෙවියන් කැමති තාක් කල් සිටීමට අවස්ථාව ලබා දෙනු ඇත. අන් සියල්ල තම නිර්මාතෘව ප්‍රතික්ෂේප කල නිසා අපාගත වෙනු ඇත. මෙම මෙම තත්වය ඉතාම බරපතලය. මෙය සත්‍ය උනොත් ඔබ යන්නේ කොහෙටද කියා බලන්න. මොකද ඔබ ඔබේ නිර්මාතෘව ප්‍රතික්ෂේප කරමින් සිටින කෙනෙකි. දෙවැනි අවස්ථාවක් නෑ. නැවත සත්‍ය හොයන්න හෝ කල වරද නිවැරදි කරගන්නට අවස්ථාවක් හෙවත් ආත්මයක් ද නැහැ. (ඉස්ලාම් දහමින් කියන කතාව හරි ගියොත්) තත්වය ඉතාම බරපතලය.

ඔබේ දහම කෙතරම්ම නිවරදියි කියා හිතාගෙන හිටියත් ඉස්ලාම් දහමින් සැමවිටම කතාකරන "පැහැදිලි සාක්ෂි සහිතව" කියන කතාව ඔබට සුළුවෙන් තකන්නට බැහැ. ඉස්ලාම් දහමින් එසේ පැහැදිලි සාක්ෂි සහිතව කිය කියා කරුණු ඉදිරිපත් කරන විටත් සොයන්නේ බලන්නේ නැතුව ඔබ එය ප්‍රතික්ෂේප කිරීම පසෙකින් තිබ්බත් ඔබේ යුතුකමක් තමය් තමා හරිය කියන, මුල මැද අග සම්පුර්නයි කියන දහමේ මොනවද තියෙන්නේ "පැහැදිලි සාක්ෂි සහිතව" කියන්න පුළුවන් දේවල් කියල ටිකක් හොයල බලන එක. 

මගේ මතය නම්, කුමක් උනත් අප අනුගමනය කල යුතු වන්නේ අපේ බුද්ධියට, විචාර බුද්ධියට, නුතන විද්‍යාව ආදියට ගැලපෙන අයුරින් කරුණු පහදා දෙන සොබාදහමට එකඟ වන ප්‍රායෝගික දහම බවයි.

අපි දැන් එක එක ආගම් මෙලොව ජිවිතයේ අරමුණ ගැන කියන කතා එකින් එක ගෙන, ගැඹුරට නොගිහින් සරලව විමර්ශනය කර බලමු. 

බුදු දහමට අනුව "සංසාරේ යන දීර්ග ගමන" පිළිබඳව මට හමුවුණු තොරතුරු සහ මතුවූ ප්‍රශ්න කිහිපයක් මෙහි සදහන් කරමි.

ආබස්සර බ්‍රහ්ම ලෝක වලින් මෙලොවට පැමිණි ශරීර රහිත ජීවීන් කොටසක් මෙම පෘථිවියට පැමිණ රස පොලොව උරා කෑ පසු ඔවුන්ට ආපසු යා නොහැකි වූ අතර ඇතිවූ නන්හාව වැනි දෑ නිසා අවසානයේ ක්‍රමක්‍රමයෙන් සිරුරු හටගත් බවක් බුදු දහමේ සදහන් බව පවසනවා.

ඒ සමගම පහත සදහන් ප්‍රශ්න වලටද පිළිතුරු සොයා බලන්නත් උවමනාය. එනම්,

  1. ආබස්සර බ්‍රහ්ම ලෝක සහ ඒවාට මුල්ම ජීවින් ආරම්භ වෙන්න ඇත්තේ කොහොමද? එනම් පළමුම අවස්ථාව කුමක් විය හැකිද? කුමන සංඛයාවක් සහිත භව චක්‍ර හෝ වෙනත් වෙනත් විශ්වයන් හෝ ගැන සදහන් කලත් යමක් ආරම්භ උනා යැයි කියනවා නම් එම ආරම්භයට හේතුවක් තිබිය යුතුයි. එම හේතුව ගැන බුදුදහමෙහි සඳහනක් මට හමුවී නැත. 
  2. පෘථිවිය තුලට ඔවුන් ගේ පැමිණීමට පසු ආත්මාවන් සහිත ජීවින් යලිත් අලුතින් බිහි උනා ද? බිහි උනා නම් බිහි උනේ කොහොමද? 
  3. මොන ක්‍රමයට ජීවින්, ශාක ආදියෙහි විවිද ප්‍රබේධ බිහි වෙලාද? [පරිණාමවාදය පිළිගත නොහැක. ඒ බව මෙම ලිපියෙන් පෙන්වා දී ඇත].
  4. ඒවාට විවිධ හැඩ රුව, අංග ලක්ෂණ ලැබෙන්නේ මොන පදනම යටතේද? 
  5. මිහි මත සිටින සෑම ජිවියෙකුටම සරිලන විධියට පරිසර තත්ත්ව ද සමාන්තර ආකාරයට ගැලපෙන්නේ කුමන කාරණය මතද? 
  6. මේ කුසල්ය මේ අකුසල් ය වශයෙන් බෙදා වෙන් කලේ කව්ද? 
  7. කුසලක් හෝ අකුසලයක් කරන විට එය සටහන් කරගන්නේ කව්ද? 
  8. එක ආත්මයකදී සහ පෙර ආත්මවල කල කුසල් අකුසල් නිවැරදි ලෙස වෙන්කරන්නේ කව්ද, මොන පදනම යටතේ මොන නිතිය යටතේ එය සිදුවන්නේද? ඒවා ගබඩා කර සුරක්ෂිත කර ඊළඟ ආත්මය හෝ ආත්ම වෙත මනා සැලසුම් සහගත ලෙස ගෙන ගොස් බෙදා හරින්නේ කව්ද? 
  9. විශ්වයක් හෝ භවචක්‍රයක් අවසන් වූ පසු නැවත විශ්වයක් හෝ භව චක්‍රයක් වෙත සංක්‍රමණය වන තෙක් ජීවීන්ගේ ආත්මාවන් රැදී සිටින්නේ කොහේද? 
  10. බිලියන ට්‍රිලියන ගණනින් සහිත ජිවිත (ශරීර) තිබෙන වටපිටාවක් තුල තමාට සුදුසු තමාටම නිශ්චිත වූ ජීවිතය(ශරීරය) බිහිවීමට අදාල වන මව සහ පියා සොයා දෙන්නේ කව්ද? 
  11. මරනින් මතු තමන්ගේ ඝන්දබ්බ අවධිය ගත කරන්නේ තනියමද?
  12. කුසල් අකුසල් වල තත්වය සලකා ආත්මාව යොමු කර ශරීරය උපද්දවන්නේ සතෙකු ලෙසද මනුශ්යයෙකු ලෙසද, ප්‍රේතයෙකු ලෙසද කියා තීරණය ගන්නේ කව්ද?  
  13. සතුන්ගේ සහ ශාකවලද බැක්ටීරියා වෛරස් වලද ඇති විශ්මිත ශරීර නිර්මාණය කලේ කව්ද? මේවා සිත මගින් නිර්මාණය වුනු දේවල්ද? 
  14. ඕපපාතික ජීවීන් යනු කවුරුන්ද? ඔවුන් ඉබේ හටගන්නා ජීවීන්ද? 
  15. ඈත භවයකදී කල ක්‍රියාවකට වර්තමාන ජීවිතයේදී ප්‍රතිපල දෙන තෙක් කුසල් අකුසල් යන එම දත්ත සුරක්ෂිත කලේ කොහෙද? එය මොනතරම් සංකීර්ණ දත්ත ගබඩාවක් විය යුතු නොවේද? එය පාලනය කරන්නේ කව්ද? එම සැකසුම නිර්මාණය කලේ කව්ද? 
  16. මෙම ක්‍රියාවන් නිසි අයුරින් ක්‍රියාවට නගන්නට අණ සහ උපදෙස් දෙන්නෙක් සිටිනවද? මේ සදහා වෙනම කණ්ඩායමක් සිටිනවද? නැත්නම් අපෙන් පිටව යන සිත් හෝ ආත්ම මගින්ම මේවා සිදුකර ගන්නවාද? 
  17. මේ සෑම ආත්මයකටම (ජිවිතයකටම) අවශ්‍ය ආහාර නවාතැන් ලබා දෙන්නේ කව්ද? කල්ප ලක්ෂ ගණන් (පෘතුවිය බිහිවෙන්නත් කලින් සිට වූ) ඈත ඉතිහාසයක සිට එන ආත්මවන් සියල්ල නිවන් යන්නට පෙර සූර්යයා මිය ගොස් එහි ක්‍රියාව අවසන් උනොත් ඇතිවන තත්වය කුමක්ද ? එම ආත්මාවන් වෙනත් ස්ථානයකට සංක්‍රමණය වෙනවාද? සමහට විට විශ්වයෙනුත් එහාට, එනම් වෙනත් නව විශ්වයකට යාමට තරම් තනි තනි ආත්ම වලට හැකියාවක් තියෙනවද? ඒ ගැන සඳහන් දහම් කරුණු තියෙනවද? 
  18. සංසාර ගමනේ අතර මගදී මුළු ලෝක සියල්ල අළු දුවිලි වෙලා නැතිවී  ගියොත් ඒ හේතුවෙන් මිය ගිය ජිවිත වල එම ආත්මවන් යන්නේ කොහාටද? විශ්වයන්ගේ විනාශයත් සමග කුසල් සහ අකුසල් සහිත ආත්මත් විනාශවී නැතිවෙලාම යනවාද? ඉපදෙන්නට තැනකුත් නැතිනම්, නිවන් යන්නට කුසලුත් නැතිනම් අතරමන් වෙන මෙම කොටි ප්‍රකෝටි ආත්මවන් වලට වග කියන්නේ කව්ද? එවිට එම ආත්මවන් රැක බලාගන්නේ කව්ද? එවිට ඇතිවන තත්වය මෙහෙයවන්නේ කව්ද? 
  19. ආනන්තරීය පාපකර්මය කල අයට කෙදිනක හෝ අවසානයක් තිබේද?
  20. අපාය ගැන විශ්වාස කරනවා නම්, අපායේ යම රජු සහ යමපල්ලන් යනු කවුරුන්ද? ඒ ගැන අදහසක් හෝ බුදුදහමින් පෙන්වා දෙන්නේද?

මේ ප්‍රශ්න බහුබූත ප්‍රශ්න නොවෙයි. බුදු දහම ප්‍රශ්න කිරිමකට ඉදිරිපත් කළා නොව, බුදු දහමට අනුව සංසාරේ ගමනක් යන ඔබට වර්තමානේ නතර වෙලා ඉන්න ගමන් පිළිතුරු සොයන්න තියෙන ප්‍රශ්න කොපමණද කියල සිහි ගැන්වීම කලා පමණි. මෙය ඔබේ ගමනය. එය දැනගෙන යාම ණුවනට හුරු නොවේද? (මෙම සියළුම ප්‍රශ්න වලට ඉස්ලාම් දහමින් පිළිතුරු ඇත).

සොභාධර්මය දෙස මදක් විමසිල්ලෙන බලන්න. පසේ ක්ෂාරය උරාගෙන බීජයක් ලොකු වෙනවා. එහි ඵල අපි ආහාරයට ගන්නවා, පසුව අපි මියැදෙනවා, අපිත් පොළොවට පස් වෙනවා. පසේ සංයුතියත්, ඵලවල සංයුතියත්, අපේ සිරුරේ සංයුතියත් අතර තියෙන්නේ මනා ගැලපිමකි.

සූර්යා ලෝකය පතිත වූ විට ශාක තම ආහාර නිපදවා ගන්නවා. ජලය වාෂ්පීකරණය වෙලා ජල චක්‍රය ක්‍රියාත්මක වෙනවා, පෘතුවිය බ්‍රමණය වෙන නිසා දිවා රාත්‍රී ඇති වෙනවා. එනිසා සතුනට විවේකයක් සහිත රාත්‍රිය උදා වෙනවා.

ගුරුත්වාකර්ෂණය නිසා අපි පොළොවෙහි සිටගෙන සිටිනවා .

මද සුළඟ, මනරම් වට පිටාව, සතුන්ගේ මිහිරි නාද, කඳු, ගංගා, දියඇලි. මොන තරම් සැලසුම් සහගත වටපිටාවක්ද? 

එකීනෙකා අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ විශ්මිත බව පමණයි කිව හැකිද. මේවා නැරඹීමට, ඇසීමට, මේවා සමග කාලය ගතකිරීමට අප සතු විශ්මිත අවයව,  ආදරය, කරුණාව, මව්පිය සෙනෙහස;

මේවා කොහෙන් ආපුවාද?  මේවා අතර තියෙන සම්බන්දතාව කොහොම ඇති උනාද? මේවා අතර මනා පාලනය කෙසේ සිදුවන්නේද?  මේ මොකුත් කතා නොකර "මේ ජීවිතය කුණු ගොඩකි, දුකකි, ජරාවකි, මෙම ජීවිතය අපවෙත ලැබිල තියෙන්නේ මහා පව්කාර කමකටය, මෙය අවසන් කර දැමිය යුතු එකකි, ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න" කියල අපිට උපදෙස් ලැබුනත් අපේ විචාර බුද්ධිය වර්ධනය වෙනවිට අපි එම කියමන් පිළිබඳව ටිකක් සොයා බලන්න ඕනි නේද? මෙම සංසාරේ යන ජීවිතය හෝ ආත්මය අවසන් කලයුතු යැයි තර්ක කරන අය දැනන් සිටියාද මෙය ආරම්භ උනේ කුමන හේතුවක් නිසාද කියා? මේවා සොයා බැලිය යුතු කරුණුය. 

මේ තරම් සංකීර්ණද, විශ්මිතද , වටිනාකමින් උපරිමද වන ජිවිතයක් ලැබිල තියෙන වෙලාවේ, අපි එය කුණු කන්දක්, ජරා ගොඩක් කියල ජීවිතෙන් පැනල යන්නේ නැතුව එහි යථාර්ථය හොයාගෙන එම වටිනා ජිවිතයෙන් උපරිම පල නෙලා ගැනීමට යුහුසුළු වෙන එක නොවේද බුද්ධිමත් කම. තමාව හඳුනා ගන්නවා කියන්නේ එය නොවේද?

අපි දැන් කිතු දහමට අනුව මෙලොවේ සංචාරය කෙසේ දැයි දැනගන්න බලමු.

කිතු දහම කොටස් රාශියකට බෙදී ඇති නිසා කුමන කොටස ගැන කතා කරනවද යන්න ගැටලුවකි. සමහරු ජේසු තුමාව අනුගමනය කරන බව පවසයි. තවත් සමහරු මරිය තුමියව අනුගමනය කරන බව පවසයි. තවත් සමහරු ත්‍රිත්වයක් ගැන පවසයි. දෙවියන් නමදිනවා කියල පිළිම වන්දනාවේ යෙදෙයි. මෙය අවුල්සහගත තත්වයක් ලෙස මටද පෙනෙන නිසා, පොදුවේ කතාකිරීම පහසුයි.

කිතු දහමේ ප්‍රධාන භූමිකා ලෙස දෙවියන් වහන්සේවද, ජේසු තුමාවද, මරිය තුමියද, මෝසෙස් තුමා සහ ඉබ්‍රාහිම් තුමාවද ශුද්ධ වූ පැරණි හා අලුත්  තෙස්තමෙන්තුද සැලකිල්ලට ගත හැක.

කිතු දහම තුලම තියෙන ග්‍රන්ථවල සත්‍ය ඉතිහාසයද, සත්‍ය තොරතුරුද, සත්‍ය දේව දූතවරයන් ගැනද, සත්‍ය දෙවියන් පිළිඹදවද විමර්ශනාත්මකව කරුණු සොයා බලන්න. පහත කරුණු කෙරෙහි සැලකිලිමත් වන්න .

  • ජේසු තුමා, මෝසෙස් තුමා, ඉබ්‍රාහිම් තුමා, මරිය තුමිය යන චරිත පිළිඹදව සත්‍ය කරුණු සොයා බලන්න. එනම් මේ අය දෙවි වරුද, දෙවියන්ගේ ආත්මද, දෙවියන්ට සමීප කරවන අතර මැදියන්ද, නැත්නම් විශේෂත්වයක් තියෙන මිනිසුන්මද කියල හොයල බලන්න.
  • ශුද්ධ වූ බයිබලයේ "ශුද්ධ" භාවය ගැන කරුණු සොයා බලන්න. (එනම් දෙවියන් ගේ වචන පමණද එහි අන්තර්ගත වන්නේ. නුසුදුසු, නොවටින, නොගැලපෙන, වැරදි සහිත කරුණු එතුල ඇත්නම් එම වචන කෙසේ එයට ඇතුලත් වෙලාද කියල හොයන්න.
  • ත්‍රිත්වය යන්න කුමක්ද කියල පවසන කෙනාටත් අහගෙන ඉන්න කෙනාටත් යන දෙදෙනාටම එය පැහැදිලිව තේරෙන දෙයක්ද යන්නත් සොයා බලන්න.

ඉහත කරුණු වලට පිළිතුරු සොයා යාමේදී කිතු දහමේ නිවැරදි මග ඉස්ලාම් දහමේ ගමන් මග බව අවභෝධ කර ගැනීම අපහසු නොවෙනු ඇත. එනම් ඔවුන් ඉස්ලාමේ දහම් මගෙහිම පැමිණ වෙන වෙන අසම්පුර්ණ අපැහැදිලි මාර්ග වලට හැරී ගිය කොටස් බව පැහැදිලිය.

එනිසා කිතු දහම හඳුන්වා දෙන මෙලොව සංචාරයේ අරමුණ ගැන සොයා බැලීම තේරුමක් නැති දෙයක් යයි මම අදහස් කරමි.

කිතුනු සහෝදරයන් මා සමග අමනාප වෙන්න එපා, දහම යනු ඉරණමයි. මම යෝජනා කරන්නේ සොයා බලන ලෙසයි. ඔබේ ඉරණම ගැන සොයා බැලීම ඔබේ යුතුකමයි. හැඟීම් වලට වහල් වෙන්න එපා. අවේගශීලි වෙන්නත් එපා. නිවැරදිව හෙව්වොත් ඔබට නිවැරදි මග හමුවේවි.

ඉස්ලාම් දහම පැහැදිලි ලෙස සාක්ෂි ඉදිරිපත් කරමින් ස්ථාවරව කියා සිටින්නේ ආදම් (අ.ස), ඉබ්‍රහිම් (අ.ස), මෝසෙස් -මුසා (අ.ස), ජේසු (ඊසා අ.ස), සහ තවත් එවැනි නබිවරුද,  එම නබිවරුන්ගේ පෙළෙහි අවසන් නබි මොහම්මද් (සල්) තුමාද දෙවියන් වහන්සේ විසින් මෙලොවට පහල කල දේව දුතවරයන් බවය. 

ඔවුන්ව හෝ වෙන කිසිම මැවීමක් නැමදීම්වලට ලක් නොකරන ලෙසත් අල්ලාහ්ට පමණක් අවනතවන ලෙසත් දෙවියන් දැනුම් දී ඇත. පැරණි සහ අලුත් තෙස්තමේන්තු ලෙස හදුන්වන්න්නේ එම අල්ලාහ් විසින්ම පහල කල තව්රාත්, ඉන්ජිල් නම් දේව ග්‍රන්ථය. ඒවා මිනිසුන් විසින් වෙනස් කරනයන්ට ලක් කර තිබෙන නිසා ශුද්ධ තත්වයෙන් පවතිනවද යන්න පැහැදිලි ලෙස සැක සහිතය. අවසන් නබි හෙවත් මොහම්මද් (සල්) තුමාට පහල කල දේව ග්‍රන්ථය හෙවත් ශුද්ධ වූ අල් කුරානය කිසිඳු වෙනසකට හෝ හානියකට ලක් නොවී සැමදා ශුද්ධ තත්වයෙන්ම පවතින බව ඉස්ලාමය තුලින් පැහැදිලි කරයි.

එනිසා ඉස්ලාම් දහමට අනුව මෙලොව සංචාරයේ අරමුණ ගැන දැනගැනීමට කාලය මිඩංගු කිරීම වඩා උචිත බව පැහැදිලිය. එසේම, මෙය කියවා අවසන් වන විටත් මා ඉහත බුදු දහමට අනුව මතුකළ ප්‍රශ්න වලටද පිළිතුරු ඔබට ලැබේ යයි මම විස්වාස කරමි.

මුලින්ම ඔබ හීනෙකින්වත් නොහිතන දෙයක් මම මෙහි සඳහන් කරන්නම්. එනම්, මේ පොලොව මත සිටින සියලුම ජීවින් ගෙන් මිනිසා ඉතාම ශ්‍රේෂ්ඨත්වයෙහි ලා සැලකීම අපි කව්රුත් කරන දෙයක්. තිරිසනුන් ඇතුළු අනිකුත් ජීවින් අපට වඩා පහත් කොට සලකයි. මොකද, ඔවුන්ට අපට මෙන් හොද නරක තෝරා ගැනීමේ නිදහස මෙන්ම තීක්ෂණ බුද්ධිය, මිනිසාට මෙන් අධික මතක ශක්තියද, විචාර බුද්ධියද, සුවිශේෂී නිර්මාණ ශීලි හැකියාවද, සිතු සිතු ආකාරයට සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවද, තව නොයෙකුත් පහසුකම් ද නැත. නමුත් අප මෙන්ම ඔවුනුත් මෙම පොලොව මත යම්කිසි ආයුෂ ප්‍රමාණයක් හිඳ අප මෙන්ම ඔවුනුත් මේ පොළොවටම පස් වෙනවා. ඔවුනුත් අපිත් දෙගොල්ලොම මේ එකම පොළොවටම යනවා. නමුත් එසේ මියගියාට පසු මේ දෙගොල්ලන්ගේ තත්වය ගැන ඔබ දන්නේ මොනවද? කවුද ශ්‍රේෂ්ඨ, කවුද පහත්? බලන්න ඉස්ලාම් දහමින් පෙන්වා දෙන දේ අනුව ඔවුන්ට කුමක් වෙනවද කියලා.

ඉස්ලාම් දහමට අනුව, විශ්වයේ මහා මැවුම්කාර දෙවියන් හෙවත් අල්ලාහ් මෙම විශ්වයද එහි අපට අදාල පෘථිවියද ඉර හඳද ගහ කොලද සතා සිව්පාවද අනිකුත් සියලුම දේ (හෙවත් ස්වභාව ධර්මය) ද කිසියම් පැහැදිලි හේතුවකට නිර්මාණය කර පිලිවලකට විසිරුවා හැර සියල්ල තම පාලනයට නතුකර ගෙන සිටී. පෘථිවිය වෙත මිනිසාව පරීක්ෂණයක් සඳහා නියෝජිතයෙකු ලෙස ඒවා ඇත. ජනගහනය ලෙස බෝ කර විවිධ ප්‍රදේශයන් තුල ව්‍යාප්ත කර ඇත. පළමු මිනිසාගේ සිට අවසන් මිනිසා දක්වා වූ සෑම මිනිසෙක්ම (කුමන තරාතිරමක වුවද, සමේ පැහැය කුමක් වුවද, කුමන පරිසරයක, කුමන කාලයක ජිවත් උවද, ඔහු හෝ ඇය) මෙම පෘථිවියෙහි නියෝජිතයෙක් ලෙසින් තම පරීක්ශනයට මුහුන දෙයි. ඔහුට හෝ ඇයට නියෝජිත භාවය දැරීමට නියමිත ආයුෂ කාලයක්, නියමිත භව භෝග සම්පත්, දරු මල්ලන් ආදිය නියම කර ඇත. නියෝජිත භාවය කෙසේ දරනවද යන්න තම තමන්ගේ ආත්මයට භාර දී ඇති අතර ඒ සඳහා ක්‍රියාත්මක වීමට පසෙන් නිර්මාණය කල ශරීරයක් හෙවත් යන්ත්‍රයක් ද දී ඇත. එම යන්තරයට අනිකුත් සතුනට මෙන් පොදු අවයවම සවිකර තිබුනත් හදවතට සහ මොලයට සුවිශේෂත්වක් ඇති කර චිත්ත පරිශුධ්ධත්වයද, හොද නරක පිළිබඳව දැනුමද, ආදරය කරුණාව මෛත්‍රිය ඉවසීම අනුකම්පාව ආදී යහ ගුනධර්මද වෛරය ක්‍රෝධය ඉර්ෂියාව ආදී දෙයද සතුනට වඩා වැඩිවශයෙන් එක්කොට බුද්ධි මට්ටමද ඉහල අගයක් කොට ඇත. මේ සියල්ල හැසිරවීමේ නිදහසද දී, එම ශරීරයට අවශ්‍ය ආහාරද පසින්ම නිර්මාණයකර විවිධ ස්වරූප වලින් ලබා දී ඇත. අනිකුත් පහසුකම් ද සියල්ල ලබා දී ඇත. මිනිසාට නියෝජිත භාවය හරි විධියට දරන්නේ කෙසේද යන්න පිළිඹදව තම හර්ද ශාක්ෂියට අමතරව භාහිර වශයෙන් දේව දුත වරයන් සහ දේව ග්‍රන්ථ මගින් දැනුම්ද දී ඇත. මිනිසාගේ දැණුම, ශ්‍රවන පරාසය, දෘෂ්ටි පරාසය හා ඉසිලීමේ ද ක්‍රියාකිරීමේ හැකියාවද සිමා සහිත කර, නොමග යාමේ මාර්ගද ඇතිකර නොමග කුමක් දැයි පහදා දී, යහපත් ආකාරයද පෙන්වා දී, තම නියෝජිත භාවය කෙසේ පවත්වාගෙන යන්නේ දැයි දැඩි පරීක්ෂණයකට ලක් කර ඇත .මිනිසාට හොද හෝ නරක කැමති දෙයක් කල හැක. නමුත් මිනිසා එළිපිට හෝ රහසින් කරන සියල්ල කෙරෙහි දෙවියන් අවධානයෙන් සිටින බවද දනුම් දී ඇත. නියෝජිත භාවය අවසන් වූ පසු හෙවත් ආයුෂ අවසන් වූ පසු යන්ත්‍රය හෙවත් ශරීරය නැවත පස වෙතම යවා, ආත්මය හෙවත් "තමන්" පෘථිවිය තුල තම නියෝජිත භාවය කෙසේ ඉටුකලේ දැය් ගණන්හිලව් බේරන තෙක් "බර්සාහ් " නම් මිනිවල තුල යම් කිසි ජිවිත කාලයක් ගතකල යුතුයි.

ඉන් පසු යම් දිනක, දෙවියන් සියලුම ජීවින් හෙවත් "ආත්ම" කැඳවා නැවත පසින්ම තමතමන්ගේ ශරීර තම තමන්ගේ ආත්ම වලට ලබාදී, ගණන් හිලව් බේරීමේ දිනය හෙවත් විනිශ්චය දිනය පවත්වනු ලබයි.

මෙදින ඔබ පොලොව මත එදා හිටපු තිරිසනුන්ට සතා සිව්පාවට වඩා අසරණ තත්වයකට සහ තැති ගැන්මකට ලක් වීමට ඉඩ ඇත. මොකද, ඔබය් පෘතුවිය මත හිටපු බුද්ධිමතා.  ඔබටය් සියල්ල නතුකර දීල තිබුනේ. එනිසා සතා සිව්පාවට වඩා ඔබයි දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වනුයේ. මදකට සිතන්න, අපි පහත් යැය් සලකන පුසෙකුට වඩා උසස් අපි මේ පොලොව මත වැරදි කරන්නේ නැතිද? අපි බොරුම කීයක් නම් කියල ඇතිද? අපි හිතෙන් කොතරම් වැරදි කරලා ඇතිද? මේ සියල්ල දෙවියන් නොදන්නවා නොවේ. මේ සියල්ල ඉතිහාසයට එකතුවෙලා අහෝසි උනා නොවේ. ඔබ හෝ මම තනියම අන්දකාරය තුල කල පාපකර්මයක් හෝ කුසලක් අන්දකාරය තුලම යට ගියා යැයි සිතනවද, එසේ නොව, එය දෙවියන්ගේ සටහන්පොතට ඇතුල් වී හමාරයි. අද නුතන මිනිසාගේ තොරතුරු පටිගත කිරීමේ සහ දත්ත ගබඩා කර තැබීමේ හැකියාව කෙතරම් තික්ෂනද. තත්වය එසේනම් මුළු විශ්වයම නිර්මාණය කල දෙවියන්ගේ එම හැකියාව කෙසේ විය හැකිද? දෙවියන් සියල්ල කෙරෙහි බලසම්පන්නය. ඔහු සියල්ල ශ්‍රවනය කරන්නාය, ඔහු සියල්ල දකින්නාය.

පහත කුරාන් වැකියන් දෙස බලන්න.

"බෙල්ල පිටුපසින් ඇති පන නාලයට වඩා අපි ඔබට ඉතාමත් සමීපව සිටින්නෙමු, දකුණු පැත්තේ කෙනෙකුද වම පැත්තේ කෙනෙකුද වශයෙන් දෙදෙනෙකු ඔහුගේ ක්‍රියාවන් සටහන් කරමින් සිටින්නෝය. මිනිසා කුමක් කීවද එය ලිවීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු ඔහුගේ සන්නිධානයෙන් නැත්තේ නොවේ -(අල් කුරාන් 50:15-18)

මෙලොව සංචාරයේ අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමට නියමිත වෙලාව දැනුයි. එනම් මරණින් මතු අපව නැවත නැගිටුවා දෙවියන් හමුවේ ඔහු විසින් අසනු ලබන ප්‍රශ්න සදහා පිළිතුරු දීමට සුදානම් වීම සහ එහිදී ඔහුගේ තෘප්තිය දිනාගෙන ඔහු විසින් දෙන්නට පොරොන්දු වී ඇති ත්‍යාග (හෙවත් සදාකල් ජීවිත්විය හැකි ස්වර්ගය) ලබාගැනීමේ අරමුණ විය යුතුයි. දෙවියන්ගේ කෝපයට ලක්ව අපාගත වීමෙන් වැලකි සිටීමට ක්‍රියා කල යුතුයි. දෙවියන් විසින් මෙවැනි ප්‍රශ්න අපෙන් අසනු ඇතැයි අපට අල් කුරාන් මගින් සහ පිළිගත් හදිස් හෙවත් නබි (සල්) තුමා ගේ වදන් වලින් දැනගන්නට ලැබී ඇත. මෙහිදී මම සරල අදහසක් පමණක් ඉදිරිපත් කරන්නම් .

දෙවියන් විසින් විනිශ්චය දිනයේදී මෙවැනි ප්‍රශ්න ඇසුවොත් ඔබ ඒවාට පිළිතුරු දීමට සුදානම් ද?

දෙවියන් හෙවත් තම නිර්මාතෘ ගැන

  1. පෘතුවිය තුල ජිවත් වූ කාලය තුල ඔබ ඔබේ දෙවියන්ව නිවැරදිව හදුනා ගැනීමට ක්‍රියාත්මක උනාද?
  2. දෙවියන් ව හදුනා ගැනීමට තිබුණු පැහැදිලි සාදක ඔබ දුටුවාද?
  3. දෙවියන්ගේ වදන් හෙවත් පුස්තකද, දෙවියන් විසින් එවූ පැහැදිලි සාක්ෂි සහිත නබිවරු / වක්තෘවරු/ දේව ධුතයන් කෙරෙහි ඔබ විශ්වාස කර ඔවුන්ව අනුගමනය කලාද?
  4. ඔබ ඔබේ දෙවියන්ව හදුනා ගත්තාද?
  5. ඔබ ඔබේ දෙවියන්ට කලයුතු යුතුකම් ඉටු කලාද?
  6. ඔබ කල වැරදි වලට දෙවියන්ගෙන් සමව අයැද සිටියාද?
  7. දෙවියන්ගේ ඒකීය භාවය ඔබ පිළිගත්තද?
  8. ඔබ දෙවියන්ට සමානයන් තැබීමෙහි නිරතව සිටියාද?
  9. ඔබ දෙවියන් ප්‍රතික්ෂේප කළෙහිද (තමන්ගේම නිර්මාතෘට හැර වෙන අයට හෝ දේ වලට නමැදුම් කලාද)? 

ජීවිතය ගතකල ආකාරය ගැන

  • ඔබ ඔබේ තරුණ කාලය කෙසේ ගත කලාද?
  • ඔබ ඔබේ වටිනා විවේක කාලය කෙසේ ගත කලාද?
  • ඔබ ඔබේ දැනුම බුද්ධිය කෙසේ භාවිතා කලාද?
  • ඔබට ලැබුණු සම්පත්, ධනය, තනතුරු, බලය කෙසේ පරිහරණය කලාද?

යුතුකම් ඉටුකිරීම ගැන

  • ඔබ ඔබ කෙරෙහි යුතුකම් නිසිපරිදි ඉටු කලාද?
  • ඔබ ඔබේ පවුල කෙරෙහි, දරුවන් කෙරෙහි යුතුකම් නිසිපරිදි ඉටු කලාද?
  • ඔබ ඔබේ දෙමාපියන්, ලේ නෑයන් කෙරෙහි යුතුකම් නිසිපරිදි ඉටු කලාද?
  • ඔබ ඔබේ අසල්වාසීන් කෙරෙහි යුතුකම් නිසිපරිදි ඉටු කලාද?
  • ඔබ ඔබේ සේවකයන් කෙරෙහි, සේවා හිමියන් කෙරෙහි යුතුකම් නිසිපරිදි ඉටු කලාද?
  • ඔබ දුගී දුප්පතුන්, අසරණයන් කෙරෙහි යුතුකම් නිසිපරිදි ඉටුකලද?
  • ඔබ සතුන් කෙරෙහි, ගස් කොලන් කෙරෙහි නිසිපරිදි යුතුකම් ඉටු කලාද?
  • ඔබ ඔබේ පරිසරය කෙරෙහි නිසිපරීදි යුතුකම් ඉටු කලාද?
  • ඔබ ඔබේ ආගම වෙනුවෙන් නිසි පරිදි යුතුකම් ඉටු කලාද?
  • ඔබේ සාශ්තෘවරයා කව්ද? ඔහු වෙනුවෙන් ඔබ යුතුකම් ඉටු කලාද? (එතුමා අපට ඉගැන් වූ ආකාරයට අපේ ජිවිත සකසා ගැනීම, එතුමාගේ ආදර්ශය අප තුලින් ද ලොවට ඉදිරිපත් කිරීම, එතුමන්ට ආදරය කිරීම, එතුමාට දෙවියන්ගෙන් ආශීර්වාද පැතීම වැනි දෑ කිරීම)

මිට අමතරව ඔබ කල සියල්ල ගැන ප්‍රශ්න කෙරෙනු ඇත.

තාක්ෂනය අතින් උපරිම ජපනාට තවමත් එක පණුවෙක් තරම් ජිවියෙක්ව හදාගන්න බැහැ. මොකද දෙවියන්ගේ නිමවුමක් වූ පණුවා ගේ සිරුරේ තියෙන තාක්ෂනය නුතන ජපාන ගේ තාක්ෂනය අභිබවන්නකි. එහෙයින් බුද්ධියෙන්ද දනුමෙන්ද උසස් ඔබ පෘතුවිය මත නියෝජෝතයෙකු වශයෙන් සිටින අවස්ථාවේ දෙවියන් ඔබට දී තිබෙන නිදහස අයුතු ලෙස භාවිත කරමින් අහිංසක සමනලයෙකු නිකරුනේ මරා දැම්මා නම් ඔබත් සමනලයත් අතර එම ගනුදෙනුව දෙවියන් විසින් විසදා යුක්තිය ඉටු කරනු ඇත. දෙවියන් සර්වසාධාරණ බවත් කිසිඳු ජීවියෙකුට අසාධාරණයක් නොකරන බවත් කුරානය තුලින් පවසා ඇත. 

මිනිසුන් ලක්ෂ ගණන් මැරූ හිට්ලර්ට සෑම මිනිසෙකු වෙනුවෙන්ම පිළිතුරු දිය යුතු වෙයි. ප්‍රභාකරන්ටද එසේ මය. ඔහුගේ පිළිතුරින් ඔහු වැරදිකරු උනොත් එම මැරූ සෑම මිනිසෙකු වෙනුවෙන්ම සහ ඔවුන් මත යැපුන, ඔවුන්ගේ සෙනෙහස පවා අහිමිව අසාධාරණයට ලක්වුනු මැරුණු අයගේ සහ සමාජයේ (අසාධාරණයට ලක්වූ) සියල්ලටද වෙන් වෙන් වශයෙන් වන්දි ගෙවීමට සිදුවෙනු නොඅනුමානය. දැන් ඔබට හිට්ලර්ගේ ප්‍රභාකරන් ගේ මරණින් මතු ජීවිත ගැන සුළු වැටහීමක් ලැබෙන්නට ඇති සිතමි. ඔවුන් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කල එම පාපය නිසා සදාකල් අපාගත වනවා පමණක් නොව අන් වැරදි නිසා අපායේ දරුනු වද හිංසා වලින්ද අඩුවක් නොවනු ඇත. සෑම මනුශ්යයෙකුගේම කුසල් අකුසල් වෙනුවෙන් ප්‍රතිඵල ලැබෙනු ඇත. අල්ලාහ් දයාබරය, සර්වසාදාරණය, එසේම දඬුවම් දීමෙහි ඉතා දැඩිය,

බුදු දහමේ සදහන් අපායේ හැඩරුව ඔබේ සිහියට එනු ඇතැයි සිතමි. ඉස්ලාම් දහමින් කියන්නෙත් අපාය එවැනි ම එකක් ලෙසය. එය මහත් භයානක වේදනාකාරී තැනකි. වැරදි කරන අය දෙවියන්ට භිය විය යුතු නොවේද? 

ඇතැම් මිනිසුන් එළිපිට බෝධිසත්ව ලක්ෂණ පෙන්නමින් යටින් මොනතරම් දරුණු අපරාද දුෂණ වංචා කරනවාදැයි අපි දකින්නෙමු. මහජනතාවගේත් රජයේත් නීතියේත් ඇස්වලට වැලි ගසා වංචා දූශන කලත් අන්තිමට රාජ්‍ය ගෞරව මැදින්ම අවසන් ගමනුත් යනවා. පසුව පිලිමෙකුත් හැදෙනවා. මල් මාලත් වැටෙනවා. සමහරුන්ට ගෞරව නාමත් පුදනවා. සමහරු නමස්කාරත් කරනවා. නමුත් එය අවසන් ගමන නොව. නියම ගමනේ ආරම්භය තමය් මෙලොව ජිවිතයේ අපි ලබන මරණය. මරනින් මතු දඬුවම් පටන් ගන්නේ මිනි වල තුල ට ගිය දින සිටමයි. ඉන් පසු විනිශ්චය සඳහා දෙවියන් ඉදිරියට පැමිණි පසු මෙලොව දී කල කී සියල්ල දිගහැර එලියට දැමූ පසුවයි තමාගේ මෙලොව ජීවිත කථාවේ නියම බරපතලකම වැටහෙනුයේ.

අපට මෙම ජීවිතය සදහා පෘතුවිය තුල ලබා දී තිබෙන සම්පත් සහ අවස්ථාවන් ගැන සලකා, අප කල කුඩා පාපය උවත් දෙවියන් කුඩා කොට නොසලකන බවත්, එසේම කුඩා කුසලයද ගුණාත්මකව වැඩිකර සලකන බවත් පවසා ඇත. එබැවින්, ඔබ ඉතා අමාරුකම් තියෙද්දිත් දුප්පතෙකුට ආහාර වේලක් ලබා දුන්නා නම් ඒ වෙනුවෙන් ඔබට ප්‍රසංසා නොකලත් කමක් නෑ, කිසිවෙක් දැක්කේ නැතත් කමක් නෑ. නමුත් දෙවියන් එය ගනනය කරණු ඇත. දෙවියන් හමුවේ එය ඉතා හොද ක්‍රියාවකි. එහි ප්‍රතිපල ඔබ විනිශ්චය දිනයේදී ලබනු නොඅනුමානයි. මෙවැනි යහගුණද දෙවියන් නැමදීමේ ලක්ෂණයක් කොට ඉස්ලාම් දහමෙහි සලකනු ලබයි. එනම් දෙවියන්ගේ තෘප්තිය ලබන්නට කල හැකි සෑම ක්‍රියාවක්ම දෙවියන් නැමදිමකි. එසේම දෙවියන් මිනිසාව උසස් කර ඇත. ඔහු දෙවියන්ට නැමදීමට හැර වෙන කිසිවකට නැමදීමටද නිර්මාණය කර නැත. එනිසයි අල්ලාහ් කුරානය තුලින් පවසා ඇත්තේ,

  "මට නැමදීමට හැර මා මිනිස් සහ ජින් වර්ගයාව මැව්වේ නැත" (අල් කුරාන් 51:56 )

බලන්න දෙවියන්ගේ සැලැස්ම කොතරම් ලස්සනද, කොතරම් සාධාරණද, කියල.

මෙම විශ්වය තුල අපට අදාල සියල්ල (සොභාව ධර්මය) විශ්මිත අයුරින් සකසා එය අපට කැමති විධියකට පරිහරණය කරන්නට නතුකර දී විවිධ අවස්ථාවන් විවිධ ස්වරුපයන්ගෙන් ඇතිකර එම අවස්ථා වලදී දෙවියන් සතුටු වෙන ආකාරයට ජිවත් වන්නේ කවුරුන්දැයි තේරීමට පරීක්ෂණයක් ආකාරයට අප ලෙසින් මෙම ආත්ම මවා අපට ඉතා අගනා අවස්ථාවක් උදාකර දී, ජයග්‍රහණය හෝ පරාජයද අපටම භාරකාර ඇත. මෙය දෙවියන්ගේ කැමත්තයි. දෙවියන් ඔහුට සිතු සිතු දේ කල හැකි තරම් බලසම්පන්න බව පවසයි.

දෙවියන් විශ්වාස කර යහපත් ක්‍රියාවල යෙදුනු පුද්ගලයන් ස්වර්ග වැසියන් ලෙසින්ද, දෙවියන්ව නිසි අයුරින්ම විශ්වාස කර දෙවියන්ගේ දහම තුලම සිටිමින් යම් යම් වැරදි කළවුන්ට එම වැරදි වලට දෙවියන්ගේ කැමැත්ත පරිදි සමාව හෝ දඩුවම් ලබාදී අවසානයේදී හෝ ස්වර්ගයට යොමු කරන බවත්, දෙවියන් ප්‍රතික්ෂේප කර වැරදි කළවුන් පරාජිතයන් (නපුරු මැවීම්) ලෙසින් සලකා නිරයට විසි කරනු ඇත. එසේම හොද වැඩ කෙතරම්ම කලත් දෙවියන්ව ප්‍රතික්ෂේප කල අයට (එම පාපය බරපතලම පාපයක්, වරදක් ලෙසින් සලකන හෙයන් ඔවුනට) ද සමාවක් නැත. ඒ බව අල්ලාහ් කුරානය තුලින්ම පවසා ඇත. මෙයද දෙවියන්ගේ කැමත්තයි.

නමුත් මෙලොව සියල්ලටම (එනම් අල්ලාහ්ව පිළිගත් සහ අල්ලාහ්ව ප්‍රතික්ෂේප කල සියල්ලට) අල්ලාහ් එක හා සමානව ආදරය දක්වන බවත් පරලොවදී අල්ලාහ් ආදරය දක්වන්නේ මෙලොව අල්ලාහ්ට ආදරය කල අයට පමණක් බවද පවසයි.

බුදු දහමට අනුව ඉහත මා සදහන් කල සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දැන් ඔබට හමුවන්න ඇතය් හිතමි. (නැවත වරක් සංසාර ගමන ගැන කියවන්න).

මේ සොභාව ධර්මය කියන්නේ දෙවියන්ගේ සැලස්මයි. වෙන කිසිවක් නොවෙයි.

මේ ජීවින් වෙන කොහෙන්වත් අවේ නැහැ. දෙවියන් වෙතිනුයි ආවේ.

මේ ජීවින් සියල්ලගේම තියෙන සුවිශේෂත්වය නිකම්ම ඇති උනේ නැහැ. එය අල්ලාහ්ගේ හෙවත් දෙවියන්ගේ මැවීම්ය.

මොවුන්ට අවශ්‍ය ආහාර ඇතුළු පහසුකම් නිකම්ම ලැබෙන්නේ නැහැ, අල්ලහ්ගෙන්ම මිස. මොවුන් මැරුණම වෙන කොහෙවත් යන්නේ නැහැ, අල්ලාහ් වෙතටම මිස.

මේ ඉර හඳ ඇතුළු මුළු විශ්වයේම පාලනය නිකම්ම වෙන්නේ නැහැ, මේ සියල්ල මෙතරම් ලස්සනට ක්‍රියා කරවීමට දෙවිගොල්ලෝ ගොඩක් නැහැ, කොටින්ම පාලකයෝ (දෙවිවරු) දෙන්නෙක් හෝ හිටියනම් කොතනකින් හරි අවුලක් හටගන්න ඉඩ තියෙනවා. මේ විශ්වයටම සිටින්නේ එකම දෙවියෙක් පමනයි. ඔහු අල්ලාහ් මිස වෙන කව්ද ?

අල්ලාහ් හැර වෙන කිසිම දෙවියෙක් කුමන ආකාරයකින් හෝ අපව පැහැදිළි සාක්ෂි සහිතව අමතා තිබෙනවද.

අපි ගල් වැලි යොදල රූප හදාගෙන අපිම වැදුම් පිදුම් කරන දේවල් දෙවිගොල්ලොද? පලතුරු වට්ටියක් එනකන් බලන් ඉන්න අය දෙවි ගොල්ලොද?

කපු මහත්තය ගේ භාෂාව විතරද දෙවියන්ට තේරෙන්නේ?

සල්ලි වැඩිපුර දෙන අයට දෙවියෝ ගොඩක් උදව් කරනවානම් ඒ දෙවියෙක්ද?

මේ සියල්ල ව්‍යාපාර මිස වෙන කිසිවක් නැත  යන්නයි අද මගේ ස්ථාවරය.

අල්ලාහ් මේ සියල්ලගෙන්ම සුවිශුධ්ධය. ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙක් නැත. වැදුම් පිදුම් කිරීමටද වැදුම් පිදුම් ලැබීමටද වෙන කිසිවෙක් නැත. (ලා ඉලාහ ඉල්ලල්ලාහ්).

එවන් අල්ලහ්ව ප්‍රතිෂේප කර අපි කොහේ නම් දුවන්නද. ඔහුගේ දහම ඉස්ලාම් නම්, ඉස්ලාම් දහමෙන් තොර කාගේ දහම කෙරෙහි අපිට විශ්වාසයක් තැබිය හැකිද. එනිසයි මම කියන්නේ දහම කියන්නේ තමාගේ ඉරණම බව.

බලන්න, මෙලොව සංචාරයේදී අපි විසින් සොයා දැනගත යුතු කරුණු. නමුත් අපි අන්දයන් වගේ හති දාගෙන දුවන්නේ වෙන වෙන දේවල් වලට පිළිතුරු හොයාගෙන නොවේද?

ඉහත කරුණු කෙරෙහි ඔබ නොසැලකිලිමත් නම් ඔබ අද ජනාධිපති උනත් පරලොවදී ඔබට එය ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. මෙලොව මි හරක් බලාගන්න කෙනෙක් උනත් ඔබ දෙවියන්ගේ මාර්ගයේ ස්ථිර ප්‍රතිපත්තිය පිහිටුවමින් ඉන්නවනම්  ඔබ මෙලොවදීත් කිසිවෙකුට හිස නැමිය යුතු නැත. දෙවියන්ගේ මාර්ගයෙන් පිට සිටින රාජ්‍ය නායකයෙකුට වඩා ඔබ මෙම පොලොව මත සිටින උසස් කෙනෙකි. 

ඔබේ ආර්ථික හිඟකම, දුෂ්කර ජිවන රටාව, හෝ කරගැට සහිත දෑත යන කිසිවක් ඔබේ කර්මය නිසා හෝ පෙර කල පව් නිසා නොව, එයයි දෙවියන් ඔබට දුන් පරීක්ෂණය. ඔබේ දෑසද නොපෙනේ නම් මෙලොව වශයෙන් ඔබ කම්පා විය යුතු නැහැ, එයයි දෙවියන්ගේ පරීක්ෂණ ස්වභාවය. ඔබේ දරුවා අකාලයේ මිය ගියානම් හෝ නිවස ගංවතුරට ගහගෙන ගියානම්, එයද දෙවියන් ඔබව පරික්ෂා කරන ආකාරයකි, දෙවියන්ගේ පරීක්ෂණය ඉතාම ශුක්ෂම බව වටහාගන්න.

කිසිඳු දෙයක් නැතුව ඉපදුනු ඔබ නැවත කිසිදු දෙයක්ද නැතුවම යලි මිය යනු ඇත. ඒ ඔබගේ පරීක්ෂණ කාලයයි. පරීක්ෂණයෙන් පලා යාමටද බැරිය. නැවත පරික්ෂණයන් ලැබෙන්නේද නැත. ඉන් පසු ලැබෙන්නේ ප්‍රථිපලයි. මරණින් මතු විනිශ්චය දිනයේදී දෙවියන් අසන ඉහත ආකාරයේ ප්‍රශ්න වලට දෙවියන් ගේ තෘප්තිය දිනාගත හැකි ආකාරයට පිළිතුරු දීමට හැකි උනොත් ඔහු ඔබව ස්වර්ග වැසියෙක් ලෙසින් තෝරා පත්කරනු ඇත. එනිසා අද ඔබ සිටින තත්වය හෝ, සමේ පැහැය හෝ ජිවත්වන නිවසේ ප්‍රමාණය හෝ ඔබට භාධාවක් හෝ වරප්‍රසාදයක් වන්නේ නැහැ. දෙවියන් ඔබව මෙලොවට එව්වේ ඔබට කියල මේ පොලොව මත ලොකු ගෙයක් හදව ගන්න නොවෙයි. නමුත් බොහෝ අය කරන්නේ එයම නොවේද? ජනාධිපති උනත් බලන්නේ ජනතාවගේ මුදල් හොරකම් කරලා හරි අමෙරිකාවෙනුත් ඉඩම් කෑල්ලක් අරන්දාලාම මෙලොව සංචාරයට සමුදෙන්න. කොතරම් මෝඩ ක්‍රියාවක්ද? 

බුද්ධිමත් ලෙස බලන්න ඔබ මෙලොව සංචාරය කරන වාහනයේ සුක්කානමවත් හරියට නිසිපරිදි සවි කරලද කියල. ඉහත පින්තුරය කොතරම් ලස්සනද? සිත් ඇදගන්න සුළු නොවේද? මා අද ඉස්ලාම් හැර අනිකුත් ආගම් දකින්නේද එලෙසිනි. කිසිම දහමක් පහත් කිරීම හෝ සිත් රිදවීමක් කිරීම නොවේ මගේ අරමුණ. සිත් රිදුනනම් සමාවන්න. හරියට වාහනය එලව ගන්න බැරි උනොත් නතරවන්නේ බොහොම නරක තැනකම තමයි. නැවත ගොඩ ඒමක් නැත. නිරය හෙවත් අපාය නම් එහිදී මිය යෑමක්ද නැත. තත්වය බරපතලයි, සුළුවෙන් තකන්න එපා මෙය. මේ ඉස්ලාම් දහම ගැන ගැඹුරින් ඕනි නම් ගැඹුරින්ම සොයා බලන්න. මෙය දෙවියන්ගේ දහමයි. දෙවියන් මිනිසාට අනුමත කලද, ඔහු පිලිගන්නාද එකම දහමයි.

පහත සදහන් කුරාන් වැකි දෙස නැවත නැවත සිත යොමන්න.

  • (කිසිඳු ප්‍රශ්න කිරීමක් නතුවමද කළකම් වලට වකීමක් ද නැතිවම) මිනිසාව නිකම්ම අත්හැර දමනු ඇත යැයි මිනිසා සිතන්නේද? (අල් කුරාන් 75:36)
  • ඔවුන් කරන සෑම ක්‍රියාවක්ම (ඔවුන්ගේ) සටහන් පිටුවෙහි ලියා ඇත. (54:52)
  • කුඩා හෝ විශාල සියල්ල එහි ලියා තබා ඇත (54:53).
  • හොද දැයට හොඳ දැයම මිස වෙන පලවිපාක ඇත්තේද? (55:60).

දෙවියන් අපට අපායට නොවැටී ස්වර්ගයට එන ලෙස ආරාධනා කර ඇත. මෙලොව ජිවිතයේ සංචාරයේ අරමුණ විය යුත්තේ ස්වර්ගයම නොවේද? ස්වර්ගයට යන මාවත පැහැදිලි ලෙස පෙන්වා ඇත. එනම් "අෂ්හදුඅල්ලාහ් ඉලාහ ඉල්ලල්ලාහ්, ව අෂ්හදු අන්න මෝහම්මදර් රසුලුල්ලාහ්". මෙලොවින් සමුගන්නට පෙර මෙය ඉතාම හොදින් වටහා ගන්න. ඉන්පසු එහිම ස්ථිර වන්න. (එහි සිංහල පරිවර්තනය නම්; අල්ලාහ් හැර නැමදීමට වෙන කිසිඳු දෙවියෙකු නොමැති බවටත්, මොහම්මද් (සල්)තුමා අල්ලාහ්ගේ දාසයා මෙන්ම අවසන් ශාස්තෘවරයා බවටත් මම සාක්ෂි දරමි). මෙයයි ඉස්ලාම් හි මුලික ප්‍රතිපත්තිය. මෙයයි ස්වර්ගයේ යතුර. (ආලහ්ගේ කැමැත්ත පරිදි අප සියල්ලට එහි ඇතුළුවීමට වරප්‍රසාද ලබේවායි අල්ලහ්ගෙන් ප්‍රර්ථනා කරමු, ආමින්.

by sjw   

මේ පිළිබඳව ඔබේ අදහස් අපට ලියන්න