Terms and conditions
හිමිකම් ප්‍රකාශය :- මෙම සේවාව සම්පූර්ණයෙන්ම සාමාජිකයන්ගෙන් කිසිඳු අය කිරීමකින් තොරව පවත්වාගෙන යනු ලබන අතර ඔවුන් වෙනුවෙන් නොමිලේ අප විසින් කරනු ලබන සේවාවන් කෙරෙහිත්, සේවාවන් පිලිබදව අප ඉදිරිපත් කරන අදහස් හා යෝජනා කෙරෙහි එහි අන්තර්ගතයට නව අදහස් එකතු කිරීම හා අඩු කිරීමේ සම්පූර්න අයිතියත් SRMI center සතුය. අලුතින් එකතුකරන හෝ වෙනස් කරනු ලබන කාරණාවන් කෙරෙහි තොරතුරු අවශ්‍යතාවය මත සාමජිකයන් හට යාවත්කාලීන කරනු ලැබේ.
ආගමික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තොරතුරු හැකිතාක් නිවැරදිව ඉදිරිපත් කිරීමට අපි උත්සාහ කරන අතර, යම් නිවැරදි කිරීම් අවශ්‍ය නම්, සාක්ෂි සහිතව අපව දැනුවත් කරන ලෙස අපි අපගේ පාඨකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. තවද, මෙම වෙබ් අඩවියේ අන්තර්ගතයන් අන්තර්ජාලය හරහා පිටපත් කිරීමට හෝ බෙදා හැරීමට කැමති කිසිවෙකුට අපගේ විරුද්ධත්වයක් නොමැති බව අපි ප්‍රකාශ කරමු.
සාමාජිකයන්ගේ අයදුම්පත සහ අනිකුත් පෞද්ගලික තොරතුරුද, සමාජ සේවා කටයුතු වෙනුවෙන් අප වෙත දායකත්වයන් දක්වන්නට ඉදිරිපත් වන අය වෙතොත් ඔවුන් ගැන අප දන්නා පෞද්ගලික තොරතුරුද (ඔවුන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් නීතිමය රාමුවකින් තොරව, නීතිඥ උපදෙස්වලින් තොරව) පිටස්තර කිසිවෙකු වෙත ලබා නොදීමටත් අප බැඳී සිටින්නෙමු.
*********
මේ ගැන ඔබේ අදහස් ...