
රමදාන් පිළිබඳව දැනුවත් වෙමු
ඉස්ලාමීය දින දර්ශනයට අනුව 9 වන මාසය රාමදාන් (رَمضان) මාසයයි. මෙය මුස්ලිම්වරයෙකුට විශේෂ මාසයකි. ආහාර ගැනීම සීමා කිරීම පමණක් නොව, පහත සඳහන් කරුණු රාශියක් මතද පදනම් වූ සමෘද්ධිමත් සමයකි.
උපවාස මාසය/ සාමයේ මාසය/ සන්සුන් මාසය/ ආත්මය සුව කිරීමේ මාසය/ සමාව දීමේ මාසය/ යහපත්කමේ මාසය/ දෙවියන්ගේ දයාවේ මාසය/ පහසුවෙන් පාරාදීසය ලබන මාසය/ කුරානයේ මාසය/ දිව්‍ය හෙළිදරව්වේ මාසය/ මාස දහසක් වටිනා ලෙයිලතුල් කදර් සහිත මාසය/ මුස්ලිම්වරයෙකු වීම සැමරීමේ මාසය/ ජීවිතය ජය ගන්න පුහුණු වන මාසය/ ෂෙයිතාන් විලංගු දමන මාසය/ දානයේ මාසය..
මෙම මාසය තුල විශේෂයෙන්ම,
දුආ ප්‍රාර්ථනා අධික වශයෙන් සිදු කරන්න. අල්ලාහ්ව අධිකව සිහි කරන්න
කුරානය අධිකව පාරායනා කරන්න, එය අධිකව සවන්දෙන්න
අමතර සලාතයන් වැඩිවශයෙන් ඉටු කරන්න
හැකි තරම් දානමය කටයුතු වල නියැලෙන්න. සකාත් ගෙවන්න
සැ:යු :- විශේෂයෙන්ම නවක මුස්ලිම්වරුන් අතර දැණුම පහසුවෙන් බෙදාහැරීමේ අරමුණින් මෙහි අන්තර්ගත කොට ඇත්තේ පිළිගත් ඉස්ලාමීය දේශකයන් සහ ලේඛකයන් විසින් ඉදිරිපත් කල රමදාන් පිළිබඳව තොරතුරු උපුටා ගැනීමෙනි. ප්‍රථමයෙන්ම ඔවුනට අල්ලාහ්ගෙන් කුසල් ප්‍රාර්ථනා කරන්නෙමු. තවද, උපුටා ගෙන පළකිරීමේදී මුල් ළිපි වල කිසිඳු වෙනසක් නොකල අතර කතුවරයාගෙ නම, උපුටාගත් ස්ථානය හෝ ඔවුන්ගෙන්ම අපවෙත ලැබුණු ආකාරයද සඳහන් කර ඇත. එම ළිපි මෙහි පළකිරීම පිළිබඳව අපෙන් යම් විමසීමක් කිරීමට ඇත්නම් කරුණාකර අපව සම්බන්ධ කරගන්න.
Please write us.